CHAPTER 01

12.1K 568 73
                                    

සෝල් වල තියෙන හොටෙල් Aventree එකේ, අංක 0069 කාමරයේ දොර ඇරුනත් තත්පර කීපයකින් නිහඬව පැවති කාමරය පිරිලා ගියේ තරුණ පිරිමින් දෙදෙනෙකුගේ සිනා හඬින්..

"ඔය බොරු.."

- "⁣නෑ ඇත්තමයි.."

"ඔයා කියන්නේ ඔයා මීට කලින් මෙහෙම කා එක්කවත් හැසිරිලා නෑ කියල ද?"

- "ඇයි මාව විශ්වාස නැද්ද?"

"කොහෙත්ම නැහැ.."

ආපු තරුණයන් දෙදෙනගෙන් එකෙක් උසට සරිලන මහතක් ඇති කඩවසම් අයෙක්.. පැත්තට පීරා තිබූ කොන්ඩය නිසා ඔහුගෙ කඩවසම් බව තවත් ඉස්මතුව පෙනුනා.. අනෙකා කලින් තරුණයා තරම් උස උවත් මුහුණේ තිබුනෙ හුරුබුහුටි බවක්.. ඔහුගෙ දකුණත පුරා විහිදී තිබූ tattoo වලිනුත්, තොල අග සහ ඇහිබැමෙහි කර තිබූ විඳීම නිසාත් ඔහුගේ හුරුබුහුටි බව මකා දැමුනේ සැනින් එසැනින්..

කඩවසම් තරුණයා සිනහවෙමින් තම ඇඟම වසා ගෙන තිබූ සීතලට අඳින දිගු ලෙදර් කෝට් එක ගලවා ⁣coat hanger එකේ එල්ලන අතරතුර හුරුබුහුටි තරුණයා ද ඔහුව අනුගමනය කරමින් තමන්ගෙ කෝට් එක ද ගලවා එල්ලුවා.

"මං හිතන්නේ ඔයා සුපිරි සල්ලිකාරයෙක්.. එහෙම නේද?"

- "⁣බ්ලේසර් එක ගලවන්න.."

"Oh come on man!!
ඔයාට ඕන මාව ඉක්මනටම නිරුවත් කරන්න ද?? ම්ම්ම්..?"

කඩවසම් තරුණයා ටිකක් තදින් කිව්වේ හුරුබුහුටි තරුණයාව මගහරිමින්.. ඒත් ඒකෙන් හුරුබුහුටි තරුණයාගෙන් එල්ල වුනේ තවත් එක් ප්‍රශ්නයක් විතරයි..

කඩවසම් තරුණයා maroon පාට full suits එකකින් ද, හුරුබුහුටි තරුණයා navy blue full suits එකකින් ද සැරසී සිටියා.. ඒ ඇඳුම් වලට ඒ දෙන්නා ඇත්තටම කඩවසම්..

- "Ahh Fuck!!
මටත් ආසයි ඔයාගෙ pretty body එක මොන වගේබලන්න.."

"Just a dream dude! But, you can try.."

හුරුබුහුටි තරුණයා, තමන්ගෙ බ්ලේසර් එක ගලවා කාමරයේ තිබූ සෝෆාව උඩට අතහැරියා.. අනෙක් තරුණයා ඒ වනවිටත් සිටියේ මිලෙන් අධික Andrianna Vineyard wine බෝතලයක් වීදුරු දෙකකට වත් කරන ගමන්..

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now