07 🌾🥀

45 10 52
                                    

🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀

අද අපි හැමෝටම ගොඩක් විශේශ දවසක්. උදේ ඉදලා ගෙදර යුද්දෙ වගේ .

මොකද අද අපි කට්ටියම ලෑස්ති උනේ ට්‍රිප් එකක් යන්න . එක දවසක් නෙවෙයි දවස් තුනක්ම 😊  මොකද හදිස්සියෙම යුනි එකේ ඔක්කොම ළමයින්ට දවස් තුනක් නිවාඩු දුන්න නිසා.

සෝල් ආවත් හරි මායි කුකියි කොහෙවත් ඇවිදින්න ගියෙත් නැති නිසා අපි ඔක්කොම කතා උනේ බීච් යන්න . ඊට පස්සේ ඩේගු යනවා. මොකද මෙහෙ ආවත් හරි ටේ ආච්චි බලන්න ගියෙ නැති නිසා මේ ගමන්ම බලලා එන්න පුලුවන් .  යූන්හීයි ටේටේයි කුකියි යූමින් ඔප්පයි කට්ටියම  බීච් යමු කියපු නිසා අපි ඔක්කොම ඒකට කැමති උනා . ඒත් චිමී නම් අවුලෙන් ඉදියෙ එයාගෙ මල්ලි තනියම අරන් යන්න එයාගෙ අප්පා ඉඩ දෙන එකක් නෑ කියලා . ඒත් අපි නොහිතපු විදියට චිමීගෙ අප්පා යූමින් ඔප්පා එක්ක යන්න දුන්නා.

කුකීටත් කායි බලන්න ලොකු ආසාවක් තිබ්බ නිසා අපි බීච් ගිහින් පස්සේ ටේටේගෙ ආච්චි බලන්න යන්න දා ගත්තා 🤗 එතකොට එහෙම අපිට ඉතුරු නිවාඩුව ගත කරන්න පුලුවන්නෙ .

කුකී දියාටත් යමු කියලා කිව්වෙ එයත් ගෙදර අය එක්ක ඇරෙන්න යාලුවො එක්ක මෙහෙම ගමනක් ගිහින් නැති නිසා .  දියාගෙ ඔම්මා අදි මදි කලත් මායි නම්ජුන් ඔප්පයි දෙන්නම යන නිසා දියාගෙ  අප්පා දියාව එක්ක යන්න කිව්වෙ දියාගෙ ඇස් පේන්නෙ නෑ කියලා මෙච්චර කල් කොන් උනා ඇති කියලා .

නම්ජුන් ඔප්පත් එයාගෙ යාලුවෙක් කියලා හැන්ඩ්සම් ඔප්පා කෙනෙක් එක්ක ඇවිත් තිබ්බෙ එයත් අපි එක්ක ට්‍රිප් එක එක්ක යන්න . 

ටේටේයි මායි  චිමී පපීයි යූමින් ඔප්පයි එක කාර් එකක යන්න හැදුවත් නහයෙන් අඩලා අඩලා යූන්හීත් අපේ එකටම නැග්ගෙ යුන්ගි ඔප්පා බෝරින්ග් කියලා  🤭ඒ නිසා යුන්ගි ඔප්පගෙ කාර් එකට කුකීයි දියායි ගියා. ජුන් ඔප්පයි එයාගෙ යාලුවයි ජුන් ඔප්පගෙ කාර් එකේ එන්නම් කියපු නිසා බඩු ටිකත් වාහන වලට දාගෙන අපි බීච් එකට ගියා.

ලොකු ගහක් යට ඉදගෙන ගිය වෙලාවෙ ඉදලා පිස්සො ටිකක් වගේ දගලන කට්ටිය දිහා මායි යුන්ගි ඔප්පයි ජුන් ඔප්පයි බලාගෙන ඉදියේ හිනා වෙවී. තවමත් ටිකක් උදේ නිසා ගොඩක් අය බීච් එකේ හිටපු නැති නිසා අපේ කට්ටිය හොදට විනෝද උනා . මෙතන හැමොගෙන්ම වැඩිමල් කියපු ජුන් ඔප්පගෙ යාලුවා හරියට හැසිරෙන්නෙ පුංචි ළමෙක් වගේ ☺️☺️☺️

With You  🌾🥀Where stories live. Discover now