09 🌾🥀

38 8 44
                                    

🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀 🌾🥀

      

         After two weeks later .......

.
.
.
.

අද උදේ ඉදලා හවස් වෙනකම්ම ලෙක්චර්ස් තුනක් වැටිලා තිබ්බත් ඒ එකකටවත් මට ඉන්න උනේ නෑ . මොකද අපේ කම්පැනි එකට ගොඩක් ලොකු චාන්ස් එකක් හම්බුනා කොරියා වල ලොකුම කම්පැනි එකත් එක්ක ජොයින් වෙලා වැඩ කරන්න . ඒත් ඉතින් අපිට ඒ චාන්ස් එක ගන්න නම් අනිත් කම්පැනි වලට වඩා හොද ප්‍රොජෙක්ට් එකක් කරලා එන්න තියෙන ඕඩර්ස් ටික ඔක්කොම අපිට ගන්න වෙනවා. කලින් ප්‍රශ්න ගොඩක් එක්ක කරපු ප්‍රොජෙක්ට් එක සාර්තක උන නිසා මේ චාන්ස් එක අපිට හම්බුනෙ කම්පැනි එකේ හැමෝගෙම උත්සාහය , මහන්සිය නිසා  😊

හැමදාම තියෙන ලෙක්චර්ස් වල නෝට් ටික හවසට ටේටේ හරි යූන්හි හරි මට ගෙනත් දෙන නිසා වැඩ දෙකම මැනේජ් කරගෙන කරන්න මට ලේසි උනා . ටේටේයි යූන්හී චිමී දැන් නිතරම කම්පැනි එකට එනවා .

අලුත් ප්‍රොජෙක්ට් එක  නිසා මේ දවස් ටිකේම කම්පැනි එක පිස්සන් කොටුවක් වගේ වෙලා . උදේ ඉදලා රෑ වෙනකම්ම හැමෝම වැඩ. මේක අපේ කම්පැනි එකට හම්බෙන්න යන ලොකු ඔපචුනිටි එකක් නිසා ඉහලම තනතුරේ ඉදලා පහලම සේවකයට වෙනකම්ම ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා. ඒ අතරෙ කකුලෙන් අදින්න බලාගෙන ඉන්න ටික දෙනෙකුත් ඉන්නවා.

අදත් ඒකට ඕනි කරන අලුත්ම ඩිසයින් ටිකක ඇදුම් වගේක ෆොටෝ ශූට් එකක් නිසා ඩිසයින් සෙක්ශන් එකම එකම කලබලයක්.

අපේ ඩිසයිනර්ස්ලා ඩිසයින් කරපු අලුත්ම ඇදුම් , ජුවලරි , ශූස්, බෑග්ස් ඔක්කොම එක්ක උදේ ඉදලා මොඩ්ල්ස්ලා ගොඩක් එක්ක ෆොටෝ ශූට් එකක් .

හදිස්සියෙම තිබ්බ මීටින් දෙක තුනකට පස්සේ මාත් ශූට් එක කරන තැනට ආවෙ දෝමින් ඔප්පා එතන පොඩි ප්‍රශ්නයක් කියලා කියපු නිසා . Female මොඩ්ල්ස්ලගෙ ශූට් එක අන්තිම හරියට ඇවිත් තිබ්බත් තාමත් කතා කරලා තිබ්බ main male  මොඩ්ල්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් නෑලු .  

💟 තව ටිකක් පරක්කු වෙලා කියන්න එපෑ මොඩ්ල්ස්ලා ඇවිත් නෑ කියලා . ඇයි මෙච්චර ඉක්මනට කිව්වෙ.

With You  🌾🥀Where stories live. Discover now