ඔක්කොටම වැරදි මන්

139 30 8
                                    

Author pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author pov

🐥:ඔයාලගේ කුමාරයා නැගිට්ටා...කෝ කෝ හැමෝම එන්න පිළිගන්න😘

    ජිමින් නිදාගෙන ඉඳලා නැගිටල පහලට ආවේ කට්ටියම එයා එනකම් පහළ කන්නේ නැතුව බලාගෙන ඇති කියලා හිතාගෙන.පව් අසරණයා තාම දන්නෙ නෑ කට්ටිය ගිහිල්ලත් පැයක් විතර වෙනවා කියලා.බොරුවට බලාගෙන ඉන්නවා කට්ටිය එයාව පිරි ගන්නකන්.

🐥:හෙලෝ.... කවුරුත් නැද්ද ?🤔 ඔයාලගෙ ජිමිනි මෙතන බලාගෙන ඉන්නවා.

🐷:ඔය කෑගහන එක නවත්තලා ගිහිල්ලා ඉදගෙන කනවා 😒

🐥:ඇයි හ්‍යුන් කට්ටිය කන්නේ නැද්ද

🐷:ඒ මිනිස්සු කාලා ගෙවල් වලටත් ගිහිල්ලා ඉවරයි

🐥:මෝ..😶

🐷: මෝ ..නෙමෙයි කාලා එනවා මෙහාට නඩුවක් තියෙනවා විසදගන්න 😠

🐥:ජින් ශ්‍රේෂ්ඨාධිකරණයට කෙදවනවා කියන්නෙ මරනීය දන්ඩනය තමා🥴.

   ජිමින් ඉබ්බා වගේ හෙමින් හෙමින් කන ගමන් කල්පනා කරන්න ගත්තේ ජින් ශ්‍රේෂ්ඨාධිකරණයට වගඋත්තර බඳින්න තරම් එයා කරපු වැරැද්ද මොකක්ද කියලා.ටිකකින් කාලා ඉවර කරපු ජිමින් ජින් ඉස්සරහින් ගිහිල්ලා හිටගත්තේ බොරු කියන්න කට හදාගෙනමයි.

🐥:ඇයි හ්‍යුන් කතාකලේ

🐷:කතාකලේ තමුන් දිව හැරෙන හැරෙන අතට බොරු කියන්න ඉගෙන ගත්තෙ කොහෙන්ද කියලා අහන්න

🐥:මම 😶

🐷:ඔව්

🐥: ඔයාට කවුරු හරි හෙන පචයක් කියල හ්‍යුන්.අනික හ්‍යුන් දිවේ ඇට නෑ කියලා හැම පැත්තටම හැරෙන්නෙ නෑ.හතර පැත්තකට විතරයි හැරෙන්නෙ.උඩටයි,යට

🐷:නවත්ත ගන්නවා මට ඕනේ නෑ දිව හැරෙන පැති දැනගන්න.බොරු කියන කෙනා මගේ ඉස්සරහම ඉන්නවා.

🐥:චිකේ නම්ජුන් හ්‍යුන් මම මෙච්චර කිය කිය ඔයාට උදව් කලෙත්.ඔයා මාව පාවෙලා දුන්නනෙ වැඩේ කැතයි😕.

     කලකිරුනු මූනක් හදාගෙන නම්ජූන්ගෙ පැත්ත හැරිලා තමන්ව බේරගන්න කියලා ඉගි කලත් අපේ ටියුබ්ලයිට් එකට ඒවා තේරෙන එකක්යැ.මිනිහා කටත් ඇරගෙන ජිමින් කියන ඒව තේරුම් ගන්න උත්සාහ කරනවා.

   ජිමින්ව ආපහු තමන්ගෙ පැත්තට හරවගත්ත ජින් ආයෙත් අමතන්න ගත්තෙ ජිමින් අසරන වෙලා කරගන්න දෙයක් නැතුව බලාගෙන ඉද්දි.ජින් කොච්චර බැන්නත් බිම බලාගෙන අහගෙන හිටපු ජිමින් ජින් අවසානෙට සේරටම මුල තමුන් කියලා කියපු එකට හිත රිද්දගත්තා.ඇයි එහෙම කිව්වෙ කියලා අහන්න වගේ ජින් දිහා බලපු ජිමින් ආයෙම බිම බලාගත්තා.එයා ඇත්තටම ඒ වෙලාවෙ රිද්දගත්තා නෙමෙයි රිදුනා.කොච්චර සැහැල්ලුවෙන් හිටියත් එයාගෙ හිතත් ගලක් නෙමේනෙ.මොකද හැමදේම කරලත් අවසානෙට බැනුම් අහන්න වුනාම කාගෙද හිත රිදෙන්නෙ නැත්තෙ.

    ජිමින්ගෙ ඇස්වල කදුළු දැකලා ජින් ගැස්සුනත් ආයෙත් බොරුවක් වෙන්න ඇති කියලා හිතලා ජිමින් දිහා නොබලා යන්න ගියේ නම්ජුන්වත් අසරන කරලා.

🐥:එච්චර බනින්න දෙයක් මන් කලාද හ්‍යුන් 😔

🐨:ගනන් ගන්න එපා එයාට තරහා ගිය නිසා ඔහොම කියන්න ඇත්තෙ.

🐥:නෑ එයා හරි 😊.මට මෙච්චර ලොකු නාඩගමක් නටන්නෙ නැතුවෛන්න තිබ්බා.

🐨:මේ අහන්න චිම්

🐥:නෑ හ්‍යුන් ඒක අවුලක් නෑ මට ඕවා පුරුදුයි.ඔයාලගෙ වැඩේ වුනානෙ මට ඒ ඇති 😊

🐨:ජිමින් ...මේ අහන්නකෝ

🐥:ඔනෙ නෑ හ්‍යුන් මට මහන්සියි මම යනවා නිදාගන්න .බායි පස්සෙ හම්බවෙමු.
____________________

ඔයලා මට කියන්න මෙ කතාව කියවනවද නැද්ද කියලා.

එක්කෙනයිනම් කියවන්නෙ මම එයාට කතාව දෙනවා.

Our love Where stories live. Discover now