6

30 7 2
                                    


ඔව් අද ලස්සන ඉරිදාවක්. හැබැයි අද තාරා ලංකාවේ ඉන්න අන්තිම දවස.... ආයේ එන්න ලැබෙයිද නැද්ද කියලා දන්නැති උනත් එයා කොරියා යන්න හරි ආසාවෙන් හිටියේ! ඒත් තව කෙනෙක් අද දවස ගෙවෙන්නැතිව තිබ්බනම් කියන හැඟීමත් එක්ක ලොකු වේදනාවකින් හිටියේ.... ඒ වෙන කවුරුත් නෙවෙයි කෙවින්! පොඩි කාලේ ඉඳන් හෙවනැල්ලක් වගේ තමන් එක්කම හිටපු තමන්ගේ හොදම යාලුවා අද එයාගෙන් ඈත් වෙලා යනවා! දුකින් උනත් තාරා වෙනුවෙන් කෙවින්ට ඒක ඉවසන්න සිද්ධ වුණා.......

උදේ පාන්දරම කෙල්ලට චර්ච් යන්න ඕන කිව්ව නිසා දෙන්නත් එක්කම ගිහින් දවල් වෙනකන් කොළඹ වටේ රවුමකුත් ගහලා ඇති තරම් විනෝද වුණා. තාරා හවස ගෙදර එනකොට මමා යි ඩැඩා යි නම් ගෙදර හිටියේ නෑ

Mary - ෂුඩු බේබි.... දෙන් තමාද ආවේ. උදේ ශීතලේ තමා නේද පේන් එක. රේ වෙන කොට තමා යන්න යෙපැයි! ඩිනර් හදලා තමා තියෙන්නේ මං මේසෙට අරින්නම්. කාලා යෙන්න බේබි.

Thara - අහ් හරි මේරි මං චේන්ජ් එකක් දාගෙන එන්නම්. කෝ මමා යි ඩැඩා යි?

Mary - යැයි බේබිට මතක නැද්ද... අද තුන්දෙනා තමා පාටියකට නුවර ගියා.

Thara - ඒත් අද මගේ ෆ්ලයිට් එකනේ....

Mary - යේකනේන්නම් බේබි! වැදගත් පාටියක් කියලා තමා කිව්වේ. මෙඩමුයි ලොකු ෂරුයි බේබිට හොදට තමා ගිහින් යෙන්න කිව්වා. යීලග අවුරුද්දේ තමා ලොකු ෂර් බිෂ්නස් වෙඩ කොරියාවට යෙනවා! යෙතකොට බේබි බලනවා තමා කිව්වේ!

Thara - ඊලග අවුරුද්දේ?

Mary - යේම තමා බේබි කිව්වා! හිත නරක් කරගන්න යෙපා බේබි.... බේබිගෙ අර පිෂ්ෂු යාලු දෙන්නා යෙනවා නේද බේබි... කෙවින් බේබිත් යෙනවනේ... යේ නිසා දුක යෙපා බේබි!

කෑගහල අඬන්න හිතුනත් ඒක අමතක කරලා දාපු තාරා මේරිට පොඩි හිනාවක් දාලා කාමරේට ආවා.

Thara - ඇත්තනේ දුක් වුණා කියලා වැඩක් නෑනේ! ඒකත් අර අහිංසක මනුස්සයා  මේවාට පලි නෑනේ! කිව්වා වගේ එයාලා එයිනේ මාව බලන්න.

බෑග් ටික පල්ලෙහාට ගෙනාපු තාරා ලෑස්ති වෙලා එලියට යන්න හදද්දිම මේරි බෙරිහන් දුන්නා.

Awaiting...... Where stories live. Discover now