03 කොටස

1.3K 275 60
                                    

"අඩෝ ශේන්. රිලැක්ස් එකෙ ඉන්න බං"

ශේන්ගෙ පිටට තට්ටු කරපු දේවින්ද විභාග ශාලාවේ ඔහුගෙ පුටුවෙන් වාඩි උනේ තමන්ට එහා පැත්තෙ දාගෙන පාඩම් කරන සජාන් දිහා බලන ගමන්.





"ඔව් බං.මොකො උඹ දැන් ෆිට්ද?"

"මගුලක් කතා කරන්න එපා බං. අරූට නෙලනකම් මට නිවනක් නෑ"

පැත්තක තිබුණු ඩෙස්ක් එකක් ඇදලා ගත්ත ශේන් ඒක උඩ වාඩි වෙන ගමන් කියනකොට ධනුකයි දේවින්ද යි මූණෙන් මූණ බලා ගත්තා.



"උඹ ගහ ගන්න යන්නෙ නෑ නේද?"

ධනුක අහනකොට කිසිවක් නොකී ශේන් බෙල්ල පැත්තකට නවාගෙන ඔහු දිහා බලාගෙන හිටියා.


"මේ ඕයි සිරා කියන්නෙ. ගහ ගන්න යන්න එපා බං ශේන්"

"උඹලා මගෙ පැත්තෙද? උගෙ පැත්තෙද? අච්චර කතා කියන උට ගහන්න එපා ගහන්න එපා කියන්නෙ?"

දේවින්ද කියනකොට ශේන් තරහෙන් කෑ ගැහුවා.





"බං උඹෙ හොඳට අපි කියන්නෙ. ඊට පස්සෙ ඔෆිස් ගානෙ ලගින්නෙ ඌ නෙවෙ උඹ. ආ... හොඳ එකා වගෙ මේක උඩින් උඩින් මොලේට දා ගනින්"

ශේන් ගෙ දිහාවට ඉතිහාසය නෝට් එකක් දිග් කරන ගමන් ධනුක කිව්වම ශේන් කිසිවක් නොකියා අහක බලා ගත්තා.



"මට ඔය මගුලක් බලා ගන්න මූඩ් එකක් නෑ බං"

"බලා ගනින් බං කියන දේ අහලා. ආ ගනින්"

ශේන් ගෙ අතට බලේට පොත දුන්න ධනුක දේවින්ද ගෙ පොතට එබුනහම ශේන් කිසිවක් නොකියා පොත උඩින් පල්ලෙන් පෙරලන්න ගත්තා.

___



"හරියටම 7.45 ට පේපර් එක දෙනවා. බෑග් එලියෙන් තියන්න"

විභාග ශාලාව භාරව හිටපු මිස් විභාග ශාලාවට ඔලුව දාලා කෑ ගහනකොට ධනුක ට තමන්ගෙ අතෙ තිබුණු පොත දිග් කරපු ශේන් ඉස්සරහම තියලා තිබ්බ බෑග් එක එලියෙන් ගිහින් තිබ්බා.

තාමත් එලියෙ හිටගෙන දත කාගෙන පාඩම් කරන සජාන් ගෙ පිටට එකක් ගහපු ශේන් සජාන් බනින්න කලින් පන්තිය ඇතුලට ඇවිත් තමන්ට යාබදව තිබුණු ඩෙස්ක් එක උඩ වාඩි උනා.






Sinful love | B X B ✓Where stories live. Discover now