07 කොටස

1.1K 281 77
                                    

දෙසැම්බර් නිවාඩුව ඉවර වෙලා ජනවාරි මාසේ පටන් ගත්තෙ ඇහි පිල්ලමක් ගහන වේගයෙන්. ආයෙමත් ඉස්කෝලේ පටන් ගත්ත වගේම වාර්ෂික ක්‍රීඩා උළෙල පැවැත්වෙන නිසා ස්කෝලේ තිබුනේ ලොකු කලබලයක්. විවිධ ක්‍රීඩාවලට ළමයිව තෝරන්න පුහුණු කරන්න ක්‍රීඩා නායකයෝ කාර්යයබහුල වෙලා හිටියත් , අවාසනාවකට වගේ 13 පන්තියෙ ළමයිට නම් මැච් වලට ඇරෙන්න එළියටවත් බහින්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.



"කෝ මේ පිටිපස්ස පෝලිමේ ළමයි"

භූගෝලය ගුරුතුමිය පන්තියට ආව ගමන් හෙව්වේ ශේන් ඇතුලු ශේන්ගෙ මැර කණ්ඩායම.


"අර ශේන් කියන කොල්ලා නේද නැත්තෙ? එකත් එකටම අදත් කට්ටි පනින්න ඇති. ගිහින් හොයාගෙන එනවා කොහෙන් හරි"

ඉස්සරහම පෝලිමේ වාඩි වෙලා හිටපු ළමයෙක්ට ගුරුවරිය කෑ ගහනකොට ඔහු කිසිම කතාවක් නැතුව නැගිට්ටා.


"අද මම ඕකව හම අරිනවා!! ඉස්කෝලෙට ආව දවසේ ඉදන්ම මේකා පන්තියෙ නැහැ. කොහොමද විභාග පාස් කරන්නෙ"

තනියම කෑ ගහන ගමන් ටීචර් ගුරු පුටුවේ වාඩි උනා.විනාඩි දහයක් ගත වෙලත් තාම ශේන් ඒ පාටක් නැති නිසා කොයි වෙලා වෙ හරි අහුවෙයි කියන බලාපොරොත්තුවෙන් ටීචර් ළමයිට පාඩම කරන්න පටන් ගත්තා.

____


"මල්ලි ඔහොම බෑ. ඩොල්ෆින් ජම්ප් එක වැලීඩ් නෑ"

ධීර නිවාසේ උස පනින්න ළමයි තෝරන තැන ඉඳගෙන ශේන් උස පනින අටේ නවයේ කොල්ලන්ට උපදෙස් දෙනවා. 


"සාමාන්‍ය විදියට පැනපං කෝ බන්. මාලුවො පනින්නෙ නැතුව"

ජීවිතේට ම ක්‍රීඩාවක් කරලා නැති සජානුත් ශේන්ගෙ පිටිපස්සෙ ඉඳන් උස පනින ළමයිට උපදෙස් දෙනවා.


"කට වහගෙන හිටපන් පඩියා නොවී"

සජාන් විටින් විටේ තමන්ට බාධා කරන නිසා මල පැන්න ශේන් බැන වැදලා ආයෙමත් එක සැරයක් පොඩි කොල්ලො ටිකට උස පනින හැටි පැනලා පෙන්නුවා. ස්පෝට්ස් එකක් විදියට ඇත්ලටික් නොකරත් ශේන්ට කරන්න බැරි ස්පෝට් එකකට තිබුනේ ස්විමින් විතරයි.




Sinful love | B X B ✓Where stories live. Discover now