04 කොටස

1.2K 299 108
                                    

කමෙන්ට් ගෝල් දෙන්නෙ නෑ මම ඇත්ත කතාවක් නිසා. ඒත් ඔයාලාට යුතුකමක් තියෙ මම මහන්සි වෙලා ලියන එකට කමෙන්ට් එකක් හරි දාන්න. හරි?

_____

"මේ ඉන්නෙ , මුන් දෙන්නා තමයි ටවුන් එක මැද්දෙ මරා ගත්තෙ සර්"

ශේන් ව සහ ශේන් එක්ක ගහ ගත්ත කොල්ලා තරිඳුව මීඩියා සර් ඔෆිස් එකෙ වයිස් ප්‍රින්සිපල් ගාවට ගෙන්වලා කියනකොට ශේන් තරහෙන් අහක බලා ගත්තා.

"මොකටද ගහ ගත්තෙ තමුන්ලා දෙන්නා?"

වයිස් ප්‍රින්සිපල් සර් තදින් අහනකොට තරිඳු බිම බලා ගත්තෙ කිසිවක් නොකියා..

"ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නවා. මොකටද ටවුන් එක මැද්දෙ ගහ ගත්තෙ?"

අහක බලාගෙන ඉන්න ශේනුයි බිම බලාගෙන ඉන්න තරිඳුයි දිහා බලන ගමන් වයිස් ප්‍රින්සිපල් තරහෙන් ඇහුවා.

"ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න දැන ගන්නවා."

තරිදුගෙනුයි ශේන්ගෙනුයි කිසිම උත්තරයක් නැති තැන මහ හයියෙන් වේවැලෙන් මේසෙට ගහපු සර් කෑ ගැහුවා.

"තමුන් කියනවා. තමුසෙ ගෙ නම ශේන් නේද? . මම එදත් තමුන්ට අපෙ හෙඩ් ප්‍රිෆෙක්ට ගහන්න ගිහිල්ලා අහු උන දවසෙ අවවාද කලා. අපෙ ඉස්කෝලෙ ගෞරවෙ ගැන උඹලාට සත පහකට වැඩක් තියනවාද? ඉගෙන ගන්නෙ නෑ. රස්තියාදුකාරයො වගේ හැම කොන්ඩ හදාගෙන. එතකොට උඹ!! ඊළග දවසෙ එනකොට ඔය කොන්ඩ කුරුල්ල වගෙ තියන පෙන්දත් කපන් එනවා"

තරිදුගෙ යන්තම් මූණට වැටුනු කොන්ඩෙන් ඇදලා කෑ ගහපු  වයිස් ප්‍රින්සිපල් ආයෙත් වතාවක් ශේන් දිහා බැලුවා.

"මුන්ගෙ විභාගෙ ඉවරයි නේද?"

"ඔව් සර්. ආයෙ හෙට තියෙන්නෙ"

මීඩියා සර් උත්තර දෙනකොට හිස සලපු වයිස් ප්‍රින්සිපල් වේවැල අරගෙන ශේන් දිහා බැලුවා.

"දකින දකින උන් එක්ක ගහ ගන්න යන්න උඹට හොඳ හේතුවක් තියනවාද?"

ඔහ් අහනකොට උත්තරයක් නොදුන් ශේන් හැමදාම වගෙ නිහඩ උනා. කලින් දවසක තමන්ගෙ අම්මා ගැන කියලා නදුන් විහිලු කරපු දවසෙ නදුන් ට පහර දුන්න ශේන් ප්‍රින්සිපල් ඉස්සරහ නිහඩ උනා වගේම අදත් ශේ්න් නිහඩයි.

Sinful love | B X B ✓Where stories live. Discover now