We are no longer ours

206 31 23
                                    

ටේ ජන්කූක් දැන් අවුරුදු පහක් ආදරේ කරනවා.දෙන්නට දෙන්න හැම දේකදීම හිටියා.අයිඩල් ජීවිතෙ අවසන් වෙලත් දෙන්න ගොඩක් එකට හිටියා.ඔව් එයාලා හිතුවෙ ඒ තමයි ජීවිතෙ කියාලා.ඒත්...ඒක ටේට විතරක් එහෙම වුනා.

දැන් මාස තුනක් හතරක් තිස්සෙ ජන්කූක් ටේගෙන් ඈත් වෙනවා.ඒත් ඇයි???

ටේට හිතා ගන්න බෑ.මේ නිසා ටේ සමහර වෙලාවට ජන්කූක් එක්ක රන්ඩු නොවුනා කියන්න බෑ.ඉස්සර ආදරෙන් කතා කරපු ගෙදර ආව ගමන් බදාගෙන නලල ඉබපු ජන්කූක් දැන් කෝ කියන ප්‍රශ්නෙ ටේට මානසිකව වැටෙන්න හේතුවක්.

💥💥💥මේ දොර අරින්න.මොනවා කරනවද මන්දා.

ආ ඉන්න කූකි මං එනවා.
අහ් කූකි මහන්සි පාටයි අද. කො එන්න ඔය බෑග් එක දෙන්න මට.

(පිටි ගෑවුනු අත් දෙකෙන් කොහොමහරි ජන්කූක්ගෙ බෑග් දෙක අරන් ටේ ගියා.)

ඔයා මොනාද කරන්නෙ ඔය.

ම්ම්...අද මං කෑමක් හදන්න යන්නෙ 🤭ඔයා wash දගෙන එන්නකො.තව ටිකයි හදන්න තියෙන්නෙ.

හ්ම්ම්.

ජන්කූක් wash එකක් දාගෙන පහලට ආවා කෑම කන්න.කිසිම කතාවක් නැතුව පාඩුවෙ කනවා.

ජන්කූක්...කොහොමද කෑම

ම්ම්...හොදයි

හොදයි කියන්නෙ.රස නැද්ද.මට හොදට උයන්න බෑ තමා ඉතින්.

නෑ හොදයි අවුලක් නෑ.
(ජන්කූක් පෝන් එක බලන ගමන් ගනන් නොගෙන කටපාඩමට කිවුවා)

ටේ ටිකක් වෙලා එයා දිහා බලන් ඉදලා කන එකත් පැත්තකට දාලා ගියා.
ජන්කූක් ටේ උඩට යනවා දිහා confuse වෙලා බලං හිටියා.
ජන්කූක් එහෙම්මම උඩට ගියා.

ටේ..ටේ මේ දොර අරින්න. (කමරෙ දොරට ගහන ගමන් කෑ ගැහුවා)

කූකි ඔයා ගිහින් කන්න.මං ඉක්ම්නට එන්නම්.

මට කන්න බෑ.කෝ ටේ මෙ දොර අරින්න මට එන්න ඕනි.

ටේ කදුලු පිහදන ගමන් ගිහින් දොර ඇරියා.

යා...ටේ 😒මොකද මෙ.ඇයි අඩන්නෙ.මොනාද උනේ.

ජන්කූක් ඔයාගෙ මෙ හැසිරීම් කලින් තිබුනෙ නෑ. 😩ඇයි කූකි මට මෙහෙම වෙනස්කම් කරන්නෙ.

𝐖𝐞 𝐀𝐫𝐞 𝐍𝐨 𝐋𝐨𝐧𝐠𝐞𝐫 𝐎𝐮𝐫𝐬 || taekookWhere stories live. Discover now