ඒත් මම මනස්ව ගෙනිහින් දාලා කරේ වැරදි වැඩක් ද? මනස් මගෙන් ඈතටම ගියොත්? හිත කෑ ගහනවා.. ආයෙත් හිත හිරකරන් ඉන්න මට බෑ. මම කැමති නෑ මේ ලෝකෙට ව්‍යාජ හිනාවක් පෙන්නන් ඇතුලින් වේදනා විදින්න. මට ඕනි ජීවිත කාලෙම උබත් එක්ක ඉන්න. මම ලෝභ වෙලා, ඒක ඇත්ත....
මනස්ගෙ වෙඩින් එකට දින තීන්දු කරලා කියලා කියද්දිත් හිත රිදෙන්නේ නැද් ද?මම මගෙන්ම අහනවා! මනස් හැමදාම බොන්නත් පටන් අරන්. මමත් මේ දේවල් සිහියක් නැතුව වගේ අහන් ඉදියොත් ඇත්තටම අපිට මොක ද වෙන්නේ?
කල්පනා කර කර ඉන්න අතරේ තාත්තාගෙන් මට අවුරුදු ගානකට පස්සේ කෝල් එකක්! මම හිතුවා හරි ඒක බිස්නස් වැඩක් මිස ආදරෙන් පුතේ කියලාවත් කතා කරන කතාවක් නෙමෙයි. ඒත් මාස තුනක්?ඇමරිකා ටුවර් එකක්.
මුකුත්ම නොකියා ෆෝන් එක කට් කරේ හිතේ තියෙන දුකයි කේන්තියයි එකතු උනාම හොදක් වෙන්නේ නෑ කියලා දන්න නිසා..මේ කාලේ වෙද්දි කසාදෙට දිනත් ලං වෙද්දී මනස් හැමදාම කරේ රෑ වෙනකං බීලා බීලා රෑට හැමදාම මේ දේවල් ගැන කියවන එක.
"උබට තේරෙන්න නැද් ද මනස් මේක සෙල්ලමක් නෙමෙයි කියලා! උබ කවද ද මේක සීරියස් ගන්නේ?"
මම මොනවා කිව්වත් නෑ උබෙන් ඒ ගැන කිසිම වචනයක්.
"ඇකඩමි එක අත් අරින කතාව ඇත්ත ද මනස්?"
"හ්ම්ම්."
" එච්චරමද කියන්න තියෙන්නේ?"
"හ්ම්ම්.. අන්ශ් ,උබට ඇමරිකා යන්න තියෙන්නේ මගේ කසාදේ දවසට කලින් දවසෙනේ? අපරාදෙ නේ ඉඳලම යන්න බැරි ද?"
"හැමදේම විහිලුවකට ගන්න එපා මනස්"
"හ්ම්ම්ම්"
.
.
.
.
.
.
.
.ලොකු දෙයක් නෑ හෙට මනස් ගෙ වෙඩින් එක! මම කොහොමද හිත හදන් ඉන්නේ? මම මොකක් ද කරන්නේ? මම මේ ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න ද මේක මෙහෙම නෙමෙයි, අපි ආදරේ කරනවා! ඔව්,අපිට වෙනස් වෙන්න බෑ කියලා..
කදුලු අලුත් වෙනවා මිසක් උබේ හිතත් ගලක් වෙලා ද මන්දා! උබත් මං ගාවට වෙලා කල්පනාවක. උබේ උරහිසට හේත්තු උනත් අද මට හිත නිවාගන්න බෑ වගේ බං. රෑට ෆ්ලයිට් එකට යන්න සේරම ලෑස්ති කරලා තියන්න කියලා තාත්තා බල කරලා තියෙද්දිත් මමත් සිහියක් නැතුව අහස දිහා බලන් ඉන්නවා..