Chapter 02

876 212 21
                                    


" නෑ..
කූ... මේ ඔයා නේද .... "

අන්ධ ටේහියුන් ජන්ග්කුක් ලබා දුන් තම ආධාරකය එක අතකින් අල්ලගෙන පොත් දැවටුණු තම අනික් අතෙන් ජන්ග්කුක්ගෙ අතක් තදින් අල්ලගෙන ඇහුවා.

" ඔව් ටේ.... මං ඔයා ලගමයි ඉන්නේ..
එන්න අපි යමු.. පරිස්සමෙන් ... "

භාගෙට පියවුණු නොපෙනෙන ඇස් මත රූටා වැටෙන කදුළු කැට අතරින් නොඉවසිල්ලෙන් ගසන ඇහි පිහාටු දෙස බලමින් ජන්ග්කුක් ඊට පිළිතුරු දුන්නා.

" මං කොච්චර කියලා තියනවා ද ටේටේ මෙහෙම තනියම ඇවිදින්න එපා කියලා ...
ඔයා හිතුවක්කාරයි ..
මං වොශ් රූම් ගිය ටිකට ඉවසන්න බැරි වුනාද ආ..... ?
මං තරහයි ඔයත් එක්ක ම්ම්ම්....... කතා කරන්න එපා මට .. "

" කූ... සොරි ...
මේ බලන්න මං ඔයාගේ පොත් ටිකත් ගෙනාවා.. "

පීරියඩ් එකට තව මිනිත්තු කිහිපයක් පැවති නිසා හිස් වූ මියුසික් රූම් එකේ පැදුරක් මත හිද සිටි ජන්ග්කුක්ගෙ අවධානය තමන් වෙතට ගෙන තම අත රැදි පොත් කිහිපය පෙන්වමින් ටේහියුන් කතා කරා.

ටේහියුන් අන්ධයෙක් වුනත් ඔහුගේ කඩවසම් බවෙහි අඩුවක් වුණේ නෑ .

මේ ලෝකය කොයි වගේද දකින්න ඔහුට පින නොතිබ්බත් ඔහුගේ මේ ආකර්ෂණීය කඩවසම් රුව දැකීමට ලොව පිං කරා.

රුවින් පමණක් නොවේ හඩින් පවා ඔහුට ගෙනාවේ අමුතුම චමත්කාරයක් .

" යාආආ ... මෝඩයෝ ... මේ මගේ English book එකනේ..

පණ්ඩිතයා ... කොහෙවත් යන් නැතුව ඔහොම ඉන්න හරි ද..
මං ඉක්මනින් පොත් ටික අරන් එන්නම්.. "

ජන්ග්කුක් ටේහියුන්ගෙ හිසකෙස් යම්තන් අවුස්සමින් තම පන්ති කාමරය වෙත දිව්වා.

තමාගෙන් ඈතට යන ඒ පා හඩ හොදින් ශ්‍රවණය කරමින් සිටි ටේහියුන්ගෙ, ඇස් වලට කදුළු පිරෙන්න ගත්තේ ඔහුටත් නොදැනීමයි .

" මට සමාවෙන්න මගේ කුකී........
මං අන්ධයෙක් නේ..... "
















*****************************************

සංකීර්ණ නැත.
හදිස්සියේ ආපු අදහසකි.

luvgukv_123

Blind Love || Taekook ( Oneshot ) ( ✔️ )Where stories live. Discover now