1st Chapter

521 77 8
                                    

" ඔප්පා..මේක හොඳයිද?..."
" නැත්තන් මේක හොඳයිද?..."
කාමරේ පුරා විසිරිලා තිබුණ එක එක ඇඳුම අරන් කෙල්ල ඒවා තමන්ගෙ ඇඟට තියලා කොල්ලාගෙන් ඇහුවෙ මෙච්චර වෙලා එයා තෝරපු ඇඳුම් වලට කොල්ලා මොකක්ම හරි ඇදයක් කියපු නිසා.

" අපෝ..ඕක හරි යන්නෑ...බලන්නකො...දොඩම් ගෙඩියක් වගේනෙ...! "
" මම කිව්වනෙ සේහා ඔයාට ඔය ඇඳුම් ගැළපෙන්නෑ කියලා..."

" අයියෝ ඔප්පා...වේ..!!?? එහෙනම් මට මොනවද ගැළපෙන්නෙ...!!?? "
සේහා කෑ ගහන්න ගත්තෙ එයා කොල්ලා කැමතියි කියන ඇඳුමක් මිස වෙන ඇඳුම් අඳින්නෙ නැති හින්දා.ඒත් කෙල්ල තෝරන හැම ඇඳුමම කොල්ලාට කැතයි.

" ඔහොම ඉන්න ටිකක්..!!! "
එහෙම කියලා කොල්ලා ක්ලෝසෙට් එකෙන් ඇඳුම් තෝරන්න ගත්තෙ කෙල්ලත් ඒ දිහා බලන් ඉන්නකොට.කෙල්ල හොඳාකාරවම දැනගෙන හිටියා ඊලඟට එයා එළියට ගන්නෙ මොනවද කියලා.ඒත් කෙල්ල ඒකට කිසිම දෙයක් කිව්වෙ නෑ.

" ඔප්පා....??!!! "

" මෙන්න...! "
එහෙම කියපු කොල්ලා කෙල්ලගෙ අතට ඕවර්සයිඩඩ් ටී ෂර්ට් එකකුයි ජීන්යි දුන්නෙ හිනා වෙන ගමන්.කොල්ලා ආසයි කෙල්ල එහෙම ඇඳලා ඉන්නවා බලන්න.ඉතින් සේහා බොරුවට රවාගෙන බාත්රූම් එකට ගියෙ ඇඳුම් අඳන් එන්න.

" ඔය ඉන්නෙ ලස්සනට..."
" ඇඟට වඩා චුට්ටක් ලොකුවට ඇන්ඳම තමයි ලස්සන...
හරි කියුට් එතකොට..හරියට මගෙ-- "

" කුකී වගේද....! "
කොල්ලා කියන්න ගිහින් ගිලගත්ත වචන දෙක සේහා කියලා ඉවර කලේ කටට පුංචි හිනාවකුත් ගන්න ගමන්.ඒත් ඒ ඇස් වල කිසි තරහක් නෑ.ඒත් කෙල්ලව හුරතල් කරන ගමන් කෙල්ලගෙ නහය අල්ලන් හිටපු කොල්ලා එහෙමම ගල් වෙලා බලන් හිටියෙ තමන්ගෙ පාලනයක් නැති වචන ගැන.

" සේහා.....මියන්හේ "

" ඔප්පා...! "
කොල්ලා කෙල්ලගෙ අතින් අල්ලලා ළඟට ගත්තෙ ඇස් වල කඳුළු බිංදු කිහිපයක් පුරවගන්න ගමන්.ඒ වෙනකනුත් ඒ අහිංසක ඇස්වල කිසි වෙනසක් වෙලා තිබුණෙ නෑ.

" ඇයි මට මෙච්චර ආදරේ කරන්නෙ?? ඒ මගෙ ex boyfriend කියලා දැන දැනත්...මම එයා ගැන තාම හිතනවා කියලා දැන දැනත්...මාව අතාරින්නෙ නැතුව...තාමත් ආදරේ කරන්නෙ???...ම්ම්...."

සේහාට තවත් ළං වෙන්න ඕන හින්දා කොල්ලා කෙල්ලගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තෙ කෙල්ලගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන ගමන්.

" ඒකට තමයි ඔප්පා ආදරේ කියන්නෙ....! "

" ඒත් ඇයි..?ඔයා මෙහෙම කරන්න ඕන නෑ. "

" ඔයා එයාට තාමත් ආදරෙයි කියලා මම දන්නවා.ඒත් මට ඕනෙ නෑ ඒ ආදරේ නැති කරලා දාන්න.මොකද මම ඔයාට ආදරෙයි....
ඉතින් මට ජන්කුක් ගැන කිසි තරහකුත් නෑ.වෛරයකුත් නෑ.ඒක හැමදාටම එහෙමම වේවි... තේරුණාද පිස්සු ටේටේට...! "
සේහාගෙ ස්ථීර වචන කොල්ලාගෙ ඉරි තැළුණු හිත සුවපත් කරනකොට කෙල්ලව තුරුල් කරන් නළලට තොල් තියපු කොල්ලා කල්පනා කරා.

මොනවද?...

තමන්ගෙ හැම තැනම දුවන හිත ගැන...
මොකද ටේටේ බයයි තමන්ගෙ අතින් මේ අහිංසක කෙල්ලට වැරැද්දක් වෙයි කියලා....

𝖤𝗇𝖽𝗅𝖾𝗌𝗌 | 𝖳𝖺𝖾×𝖪𝗈𝗈𝗄×𝖦𝗂𝗋𝗅 | ✔️Where stories live. Discover now