5th Chapter ( Final )

376 71 23
                                    

" ඇයි සේහා ඔයා එහෙම කරේ..??? "

එදා සේහා කියපු වචන දැන් ටේහියුන්ට තේරෙන්න පටන් අරන්.....

එදා කොල්ලා ගෙදර ආවෙ ලොකු කලකිරීමකින්.ඉතින් ටේහියුන් සේහාගෙ කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත් එයාට එක කෝල් එකක්වත් කෙල්ලගෙන් ආවෙ නෑ.ටේහියුන් කවදාවත් හිතන්න නැතුව ඇති ඒ කුණාටුවක පෙරනිමිත්තක් කියලා.

එදායින් පස්සෙ සේහා ටේහියුන් ඉස්සරහට ආවෙ නෑ.ටේහියුන් ජන්කුක් එක්ක දන්න කියන හැම තැනකම සේහාව හෙව්වත් කෙල්ලව හොයාගන්න බැරි වුණා.සේහා මීට කාලෙකට කලින් වෙන් වුන ආදරවන්තයින් දෙන්නෙක්ව එකතු කරලා හැන්ගිලා ගිහින්...

මොකක්ද මේ විහිළුව....?
නෑ මේක තමයි දෛවය.....

එක දවසක හොස්පිට්ල් එකෙන් ටේහියුන්ගෙ නමට ලියුමක් එන්නෙ දන්න කියන නමකින්...ඒ සේහා...ඒ ලියුම කියවපු ටේහියුන් කොහොම කලබල වුණා කියලද හිතන්නෙ? ගෙදර බඩු මුට්ටු සේරම කුඩු කරලා දාන්න තරම්...

" සේහා...තමුන් මහ මෝඩයෙක්...ඇයි මේ දේවල් කලේ???
මෝඩ කෙල්ල...!! ඇයි මට කිව්වෙ නැත්තෙ??? තමුන් සේරම හංගගෙන පැනලා ගියා...!!! "
ටේහියුන් කෑගහන්න ගත්තෙ පිස්සුවෙන් වගේ.කාටවත් එයාව සන්සුන් කරවන්න බැරි වුණා.කොල්ලා ටිකක් හරි සන්සුන් වුණේ ජන්කුක්ගෙ උණුසුමේදි විතරයි.

****

ඔහොම මාස තුනක් නොදැනුවත්වම ගෙවිලා ගියා.ඒත් ටේහියුන් හිටියෙ ලොකු මානසික පීඩනේකින්.මොකද කොල්ලා කවදාවත් හිතුවෙ නෑ කොල්ලා අතින් මෙහෙම දෙයක් වෙයි කියලා.ටේහියුන් පසු තැවුණා.ඇඬුවා...කොල්ලා හිතුවා මීට වඩා සේහා ගැන හොයලා බලන්න තිබුණා කියලා...

ටේහියුන්ගෙ දෙමව්පියො ජන්කුක්ගෙ ඔමොනිවත් කැමති කරවගෙන දෙන්නාගෙ මැරේජ් එක ස්ථිර කරලා තිබුණෙ ඒ ගෙවුණ මාස තුන ඇතුළත.ඒත් ටේහියුන්ට ආව ලියුම ගැන දැනගෙන හිටියෙ කොල්ලායි ජන්කුකුයි විතරයි.

" ඇයි කුක් එයා එහෙම කරේ?? එයාට තිබුණා මට කියන්න..."
ටේහියුන් හිටියෙ සේහාගෙ ෆොටෝ එකක් දිහා බලන්.ඒ ලස්සන ඇස්වල දිලිසෙන්නෙ කඳුළු...

𝖤𝗇𝖽𝗅𝖾𝗌𝗌 | 𝖳𝖺𝖾×𝖪𝗈𝗈𝗄×𝖦𝗂𝗋𝗅 | ✔️Where stories live. Discover now