4th Chapter

275 69 5
                                    

" කුමාවෝ සේහා , මම නැති කාලෙ එයාව බලාගත්තට... "
ජන්කුක් සේහාගෙ ඔළුව අල්ලලා කෙල්ලට ස්තූති කරේ හදවතින්මයි.

" එහෙම තමයි හොඳ යාළුවො..ජන්කුක්ශි...! "
කෙල්ල ජන්කුක් දිහා බලලා හිනා වුණේ නිරායාසයෙන්ම වුණත් දැන් කෙල්ලට කිසි බයක් වගේම දුකක් නෑ.මොකද තමන් නැති වුණත් දැන් ටේහේයුන්ව බලාගන්න ජන්කුක් ඉන්නවා...

" ඒත් මට බයයි සේහා , ටේහියුන්ගෙ ඔමොනියි අබොජියි හියුන්ගිගෙයි මගෙයි එෆ්යාර් එකට කැමති නෑ...කලින් එයාලා කරපු දේවල් නිසා අපි කොච්චර විඳෙව්වද?..දැන් ආයෙත් අපේ සම්බන්ධෙ ගැන දැනගත්තොත් එයාලා මොනවා කරයිද සේහා....මට තේරෙන්නෑ....?! "

අවුරුදු පහකට කලින් ටේහියුන්ගෙයි කොල්ලාගෙයි වෙන්වීම දරාගන්න බැරුව කොල්ලා කාටවත්ම නොකිය US ගියාට පස්සෙ ඒ ආදරේ නැතුව කොල්ලා ජීවත් වෙලා තියෙන්නෙ මැරෙන්න බැරිකමට.

ඒ කාලෙ ටේහියුන්ව බලාගන්න එයා නැතත් සේහා හිටියා කියලා දැනගත්තාට පස්සෙ කොල්ලාගෙ දුක නැති වෙලා ගියා.ඉතින් ජන්කුක් අවුරුදු පහකට පස්සෙ US ඉඳලා මීට දවස් කිහිපෙකට කලින් කොරියාවට ආවෙ තමන්ගෙ එකම ආදරේ බලලා යන්න.

ඒත් කොල්ලා හිතුවෙ නෑ මේ විදිහට අහම්බෙන් ටේහියුන්ව මුණ ගැහේවියි කියලා.කොහොම වුණත් කොල්ලා හිටියෙ සතුටින්.අවුරුදු ගාණක් හිතේ විතරක් මතකෙන් ඇඳිලා තිබුණ රූපෙ දැන් කොල්ලාගෙ ඇස් ඉස්සරහ...

" බය වන්න එපා ජන්කුක්ශි...මම හැමදේම බලාගන්නම්...! "

" ඒත් කොහොමද.?! "

" ආදරේට කොහෙන්ද සීමාවක් ජන්කුක්ශි...ඒකට නීති රීති ඕන නෑ...දෙන්නට දෙන්නා එකිනෙකාට අවංකව ආදරේ කරනවා නම් ආයෙත් මොකටද ඒකට ලිංගිකත්වයක්...මම ඒක එයාලට තේරුම් කරලා දෙන්නම්.සමහරවිට එයාලා තේරුම් ගනීවි....! "

" කුමාවො සේහා.. "
කෙල්ලව තුරුල් කරගත්ත ජන්කුක් ආයෙත් ස්තූති කරේ තමන් එක්ක කිසිම සම්බන්ධයක්ධත් නැතුව මෙච්චර එයාට උදව් කරන සේහාට කවදාවත් කරදරයක් වෙන්න එපා කියලා හිතන ගමන්.

ඒ බදාගැනීම පිටිපස්සෙ කිසිම දෙයක් තිබුණෙ නෑ.ඒක හදවතින්ම කරපු දෙයක්.ජන්කුක්ට දැන් සේහාව සහෝදරයෙක් තරමට දැනෙන්න පටන් අරන්.හරියට සහෝදරකමකට එහා ගිය ආදරණීය හැඟීමක් වගේ...

𝖤𝗇𝖽𝗅𝖾𝗌𝗌 | 𝖳𝖺𝖾×𝖪𝗈𝗈𝗄×𝖦𝗂𝗋𝗅 | ✔️Where stories live. Discover now