-[two]-

2K 374 40
                                    

"අම්ම්... ජියෝන් ස්ටෝර්ස් එකට එන්න කිව්වා යුනිෆෝම් අරගන්න"

"අහ් හරි"

"මොකද ඒ එයාගෙ මූණ රතු වෙලා"

"මන් දන්නෙ කොහොමද ජින්"
තමන්ට කතා කරල කම්මුල් රතු කරන් යන යොන්ජුන් දිහා බලාගෙන කට කොනින් හිනා වෙන ගමන් ජන්කුක් කිව්වම ජින් ජන්කුක්ගෙ ශක්තිමත් අතකට පාරක් ගැහුවා ජින් එක්ක ජන්කුක් හිටියෙ එයාලට මිලිටරි කෑම්ප් එකෙන් වෙන් කරල දීලා තිබුන ඩෝර්ම් එකේ ඩබල් ඇද යටින් ඇදුම් බෑග් තියන ගමන් ජන්කුක් ඩෝර්ම් එකෙන් එලියට ගියාම ජිනුත් ඒ පස්සෙන්ම ගියා ජන්කුක් දැක්කා ට්‍රන්කා පෙට්ටි උස්සන් එන තවත් මිලිටරි බෝයිස්ලා ටිකක්

"හේයි ස්ටෝර්ස් තියෙන්නේ මොන පැත්තෙද"

"අහ් මේන් ග්‍රව්න්ඩ් එකෙ වම් අත පැත්තෙ තියන පාරෙ පහලට ගිහින් පලවෙනියටම වමට හැරෙන්න තියෙන පාර කෙකවරටම යන්න"

"හරි තෑන්ක්ස්"
ජන්කුක් කියල එයාලව පහු කරගෙන ගියාම ජින් අපහසුවෙන් ඒ බෝයිට හිනා වෙලා ආචාර කරල ජන්කුක් ලගට ගියා ජින්ට දැනුනා ජන්කුක්ගෙ පුරුදු නිසා එයාලට මිලිටරි කෑම්ප් එකෙන් යද්දි වැඩි හරියක් දඩුවම් විදලයි යන්න වෙන්නෙ කියල ජින් ජන්කුක්ගෙ වැලමිටට උඩින් මිරිකල අල්ල ගත්තා

"ජන්කුක් මේක මිලිටරි කෑම්ප් එක හැසිරෙනවා හරියට!
ඔයා ඔයාට වඩා වයසින් වැඩි ඔලුව නමන්නෑ කියන එක මේ කෑම්ප් එකට අදාල දෙයක් නෙවෙයි!! ඒක නිසා දඩුවම් විදින්න උනොත් මන් නම් නෑ"

"අහ් අත අරිනවා මගෙ අත! මොකද්ද දැන් ඒකෙ තියෙන ප්‍රශ්නෙ"

"කෙනෙක් උදව් කලාම ඔලුව නමලා ආචාර කරනවා 'තෑස්" විතරක් ගාන්නැතුව"

"ඔයාට ඕන්නම් කරගන්න ජින්"

ජන්කුක් ජින්ගෙ මූන දිහා තරහින් බලලා යන්න ගියාම ජින් හුස්මක් හෙලුවා ජින්ට මතක් උනා පුංචි කුකීව! 'කුකී ඔයා වෙනස් වෙලා... ගොඩක්!' පුංචි කාලෙ ජින් හ්‍යුන්ග් කියාගෙන ලස්සනට දත් පෙන්නලා හිනා වෙන කුකී දැන් නෑ.. ඒ වෙනුවට ජිම් ගිහින් හදාගත්ත මස්ල් ඇගක් තියෙන හැමවෙලේම කේන්තියෙන් ඉන්න ජන්කුක් කෙනෙක් දැන් ඉන්නෙ හැබැයි ජන්කුක්ගෙ මූන නම් ඒ මස්ල් ඇගට ගැලපුනේ නෑ!! ඒ වගේම ඒ ඇග මස්ල් ඇගක් උනත් ඇගේ හැඩය ගෑනු ලමයෙක්ටවත් සාමාන්‍යයෙන් නැති තරම් හැඩ ඇගක් උනා.. ජින් එහෙම්මම ජන්කුක්ගෙ පිටිපස්සෙන් ගියා

||| Wrong turn |||  :teakook: (Completed)Where stories live. Discover now