-[Four]-

1.4K 334 6
                                    

ජන්කුක් ඔයාට දැන් අවුලක් නෑ නේද"

"නෑ!"

"මොකද කේන්තියෙන් ඉන්නෙ ජන්කුක්"

"කට වහගෙන ඉන්නවද! ඔයා විතරයි මෙතන හොරෙන් කියවන්නෙ!"

"ඔය්-ආ... හ්ම් හ්ම්"
ජන්කුක් රැව්වම ජින් සද්ද නැතුව ආයෙ හොදට පුටුවෙ වාඩි වෙලා ඉස්සරහ බලා ගත්තා

අසෙස්මන්ට් හෝල් එක පිටිපස්සෙ තිබුන මිලිටරි බෝයිස්ලගෙ මෙස් එකේ හැමෝම උදේ ආහාර වේල ගන්න මේජර් යුන්ගිගෙ අන ලැබෙන කන් බලන් හිටියා
විශාල දිගු හෝල් එකේ කෙලවරක් නොපෙනෙන තරමට දිග මේස වල පුහුණුකරුවො දෙපැත්තෙ වාඩි වෙලා ඉදගෙන හිටියා 

"සුබ උදෑසනක්..
මන් හිතනවා මාව කෙලවරට ඇහෙනවා කියල?"

"ඔව් සර්!!!"

"හොදයි එහෙනම් උදේ කෑම වේල ගන්න කලින් දැනුම් දෙන්න දේවල් ටිකක් තියෙනවා! දන්නවනෙ කැප්ටන් කිම් මේ පාරත් මිලිටරි කෑම්ප් එක බාරගෙන ඉන්නවා කැප්ටන් කිම්ට ගරු කරල වැඩ ටික කරන්න ඕන!

ඒ වගේම අදින් පස්සෙ ආයෙ ෆුල් යුනිෆෝම් එක අදින්නෑ ඔයාලා බොටම් එක්ක සුදු ටී ෂර්ට් එක ඇදගෙන පුහුණුවීම් කරන්නෙ! මාස අටකට පස්සෙ අවසානෙ දවසෙ ඔයාලට ආපහු යුනිෆෝම් එක අදින්න වෙන්නෙ! විශේෂ උත්සවයක් කෑම්ප් එක ඇතුලෙ තිබ්බොත් ඇරෙන්න!! ඒ වගේම අද ඔයාලට සතියකට කරන්න තියෙන ඩියුටි කොටස ප්ලැටුන් වලට බෙදනවා! ප්ලැටුන් නායකයා ඒක විසි පස් දෙනා අතරෙම බෙදලා සතියෙ වැඩ කොටස කරල තියෙන්න ඕන සතිය අවසානෙ!!

ඒ වගේම අද දවසෙ පුහුණූම් මුකුත් කරන්නෙත් නෑ!! ඔයාලට පුලුවන් ඩෝර්ම් එක සුද්ද කරන්න, ඩියුටි අද දවසෙ ටික ඉවර කරන්න වගේම මෙහෙන් ඔයාලගෙ ප්ලැටුන් වලට දීල ඉන්න සාජන්ලව අදුර ගන්න!!!
හොදයි එහෙනම් දැන් කෑම ගන්න බෝයිස්!!!

හැබැයි වැඩිය සද්ද බෑ!!!"

"හරි සර්!!!"
ඒත් ඊලග විනාඩියෙම හැදි ගෑරප්පු වදින සද්ද එක්ක මිමිනිම් හඩෙන් මෙස් එකම පිරිල ගියාම යුන්ගි කට කොනින් හිනා වී ගෙන මෙස් එකෙන් එලියට ගියා 'අදට ඔහොම යන්! හ්ම්.. හ්ම්...' යුන්ගි හිනාවෙන්ම මෙස් එක දිහා හැරිලා බලලා එලියට ඇවිදගෙන ගියේ මෙස් එකෙන් එලියෙ හිටපු සාජන්ලා යුන්ගිගෙ හිනාවට හේතුව හොදට දැනගෙන එයාලත් හිනා වෙලා බලන් ඉන්නකොට

























||| Wrong turn |||  :teakook: (Completed)Where stories live. Discover now