පහුවදා උදේ එලිය වැටීගෙන එනවත් එක්කම කට්ටියම ලෑස්ති උනේ main mansion එකට යන්න. main mansion එකේ වගේ පරන mansion එකේ මේට්ලා හිටපු නැති නිසා හැම වැඩක්ම යූබින් ජේකේ දෙන්නට කරන්න උනා. සෝහාට තාමත් හරියට වැඩක් කර ගන්න බෑ.
පහල වැරැන්ඩාවෙ තිබුන බෑග් ටික ඉස්සරහින් නවත්තලා තිබුන (අලු පාට සහ සුදු පාට) ප්‍රාඩෝ දෙකට පැටෙව්වෙත් ජේකේ , යූබින්.
" සේරම හරි සර්. මන් සෝහාවයි බොස්වයි එක්කන් එන්නම්."
" නෑ යූබින් ඉන්න. මන් එක්කන් එන්නම්. ඔයා හ්‍යොන්ග් එක්ක මේකේ එන්න. මන් නූනා එක්ක අනිත් එකේ එන්නම්."
" හරි සර්."
ඉස්සරහින් නවත්තලා තිබුන අලු පාට ප්‍රාඩෝ එක ලගට යූබින් යන්න හැරෙනකොට ජේකේ හැරුනෙ ටේවයි සෝහාවයි එක්කන් එන්න.
ටේත් , ටේ අතක් බදාගෙන mansion එකෙන් එලියට එන සෝහාත් දැක්කම ජේකේ හැරුනු පය ආපහු පිටිපස්සට තිබ්බා. ඒ සෝහා ටේගෙ අතේ එල්ලිලා හිටපු නිසාද නැත්තන් ටේ සෝහට එයාගෙ අතේ එල්ලිලා ඉන්න ඉඩ දුන්න එකටද ? ( මන් දන්නෑ.. හැබැයි ජේකේට එච්චර ඒක ඇල්ලුවෙ නෑ.. 🙂💔 )
" ජේකේ යූබින් එක්ක යන්න. මන් සෝහා එක්ක මේකෙ එන්නම්. "
" ඒත් හ්‍යොන්ග් ඔයාට වාහනේ ඩ්‍රයිව් කරන්න පුළුවන් ද ? "
" පුළුවන් නිසානෙ කිව්වෙ. මට තව ගමනක් යන්න තියනවා. එන්න ටිකක් පරක්කු වෙයි. ඒක නිසා ඔය දෙන්නා යන්න."
" ඔයා පරක්කු වෙනව නම් නූනාවත් අපි එක්ක එවන්න."
" නෑ මන් එයත් එක්ක තමයි යන්නෙ. "
" ආආහ්.. හා.. හා.. පරිස්සමින් එන්න හ්‍යොන්ග්. ඌමනාවක් උනොත් කතා කරන්න."
ජේකේගෙ වචන සෝහගෙ හිතට නොරිස්සපු නිසා එයා ටිකක් අපහසුතාවයකට පත් උනා. ටේ මොනාද කියන්නෙ ? මාත් එක්ක කොහෙද යන්නෙ ? ජේකේ මොනාද කියන්නෙ ? ඇයි එහෙම කිව්වෙ ? මේ වගේ දේවල් සෝහාගෙ ඔලුවෙ කැරකෙන්න ගත්තත් ඒ ගැන වැඩිය තකන්න එයාට ඕනි උනේ නෑ.
මොනාත්ම නොකිය ටේ වාහනේ ලගට ගිහින් සෝහාට නගින්න වාහනේ දොර ඇරලා දුන්නත් තවමත් දෙදරුම් කන වේදනාව නිසා සෝහාට හරියට ඉදගන්න බැරි උනා. ඇග හරහා යන වේදනාව නිසා සෝහා ශීට් එකේ එහාට මෙහාට ඇඹරුනේ වේදනාවෙන් වගේ.
YOU ARE READING
𝕯𝐚𝐫𝐤 𝕯𝐢𝐚𝐦𝐨𝐧𝐝 🎯💎 [slow update]
Fanfictionහීනියට ගැහෙන හුස්ම පොද අස්සෙන්... එයා හොයන... නමුත් එයාගෙ නොවන..... ඒ ලස්සන ලෝකෙ.... අනෙකෙකුට සිතුවම් කර දෙන්නට... ඔහු දරන වෑයම.... ඔහු කරන කැප කිරීම්... ඔහු උහුලන හිත් වේදනාව... නොමැරී මැරී.... ඉකි ගගහා හති ලන.... කටෝර දිවිගමනේ කෙලවර.... එය එසේම...