♠️ Chapter 13 ♠️

47 8 10
                                    

බාගෙට හදලා නතර කරපු බිල්ඩින් එක ඉස්සරහ මිදුලෙ පැත්තකට වෙන්න නතර කරලා තිබුන වාහනේ දිහාට ජේකේ ඇවිදගෙන පුළුවන් තරම් වේගෙන්. හිත බයෙන් ගැහෙන්නෙ වෙනදා තිබුනු හද ගැස්ම වෙනම තාලෙකට හරවලා. " මගේ හ්‍යොන්ග්.. " ඒ නමින් හිතට ආපු ගැම සිතුවිල්ලකටම ජේකේගෙ හිතේ තිගැස්මක් ඇති උනා.

" හ්‍යොන්ග්ට මොනා හරි වෙලා තිබුනොත් මම එකෙක්වත් තියන්නෑ. "

එහෙම හිතෙන වාරයක් ගානෙ ජේකේගෙ වාහනේ වේගෙ තවත් වැඩි උනා. විනාඩි කීපයකින් වගේ හිතේ දෙගෙඩියාවෙන්ම හොස්පිට්ල් එකට ආපහු ලඟා උන ජේකේ කාර් එකත් කොහෙන්දෝ පාර්ක් කරලා එක හීයට දිව්වෙ හොස්පිට්ල් එක ඇතුලට. යනකොටත් කලින් වගේම හොස්පිට්ල් එක ඇතුල කලබලකාරී. විටෙක අහම්බෙන් වගේ ඇස ගැටෙන එහා මෙහා යන ට්‍රොලි නහයට දැනෙන බෙහෙත් සුවඳ මේ කිසි දෙයක් ගැනවත් නොතකා ජේකේ දිව්වෙ ටේ ඇඩ්මිට් කරලා හිටපු හොස්පිට්ල් රූම් එකට. ඒක ප්‍රයිවට් හොස්පිට්ල් එකක් නිසා ටේටම වෙන් වුන වෙනම රූම් එකක් තිබුනා.

"හ්‍යොන්ග්... හ්‍යොන්... "

ඒ රූම් එකේ දොරවත් අරින්න සිහියක් තිබුනෙ නෑ. උරහිසෙන්ම දොර තල්ලු කරලා දානකොට ජේකේ වීසි වෙලා ගියේ ටේ හිටපු ඇඳ ලඟට. ඒත් ජේකේ මොහොතකට ගල් උනේ දැන් මේ දකින දේ බොරුවක්ම වෙන්න කියලා හිත යටින් අයදින ගමන්. ඔහුගේ ඇග පුරා කරන්ට් එකක් එක්ක සීතල යමක් ගලන් යනවා වගේ හැගීමක් ඇති උනා. නෑ.. වෙන්න බෑ.. ජේකේ ආයෙත් ඔලුව දෙපැත්තට ගසලා දාලා ටේ ලගට හෙමින් හෙමින් කිට්ටු උනා.

ඒ සිරුර නිසලයි. වෙනදා තිබුන කිරි ගරුඬ පාටට වඩා මුලු ඇගම සුදු මැලි පාටට හැරිලා. වටේ පිටේ කිසිම සද්දයක් නැති එක ජේකේගෙ හිතට තවත් කරදරයක් උනා.

" හ්‍යොන්ග් ඔයාට මාව ඇහෙනවා නේද ? "

ඇයි මෙතන කවුරුත් නැත්තෙ ? ජේකේ ඇස් ඒ රූම් එක පුරාම හරහා දිව්වා. ජනෙල් පියන් විතරක් විවර කරලා තිබුන කාමරේ යාන්තන් ඉර එලියෙන් පෙගෙන කොට දුරින් යන එන වාහන වල සද්දෙත් ඇරුනම ජේකේගෙ පාලුව මකන්න වෙන කවුරුත් නෑ. ඔහු නිරුත්තරයි. හිතේ තිබුන මොකක්දෝ හිස් හැගීමක් දරාගෙන එයා පොලවටත් නොදැනිම අඩි තිය තිය ටේ ලගට කිට්ටු උනා.

𝕯𝐚𝐫𝐤 𝕯𝐢𝐚𝐦𝐨𝐧𝐝 🎯💎                                      [slow update] Where stories live. Discover now