~1~

159 30 3
                                    

හතරවටෙන් ඇහෙන කැමරාවල සද්දෙ වගේම මිනිස්සුන්ගෙ කසු කුසුව මැද්දේ incheon airport එකෙන් එලියට ආපු කලු ෆුල් සූට් එකෙන් සැරසිලා හිටපු ගාම්බීර පෙනුමක් තිබ්බ දකින ඕනි කෙනෙක්ගෙ ඇස් වශී කරවන රූපයක් තිබුණු තරුණයා වටේ පිටේ හිටපු කිසිම කෙනෙක්ට එක බැල්මක්වත් නොදී තමන් ඉස්සරහ තිබුණු mercedes-benz රථයට ගොඩ වුනා....

ජියෝන් ජන්ග්කුක්......
මේ වෙද්දි කොරියාවෙ ටොප් බිස්නස්මන්ලා අතරින් කෙනෙක්.......
තමන්ගෙ උත්සහයෙන් අවුරුදු හයක් වගේ කාලෙකින් තමන්ගෙම කකුල් වලින් හිටගත්ත කෙනෙක්!
අවුරුදු විසි හයක් වුනු ජියොන් ජන්කුක් කියන්නේ කාටවත් නැමෙන්නෙ නැති, කාටවත් නම්ම ගන්න බැරි, අහංකාර චරිතයක් කිව්වොත් හරි....
හැබැයි ලෝකෙට කොහොම වුනත් එක්කෙනෙක්ගෙ ලග විතරක් ජන්ග්කුක් කියන්නෙ හුරතල් පොඩි කොල්ලෙක්ම විතරයි!

පැලදගෙන හිටපු කෝට් එක ගලවලා වාහනේ පැත්තකට දාපු කොල්ලා තමන්ගෙ අත්වල ඇගිලි එකට පටලවගත්තෙ නොඉවසිල්ලෙන්....
විටින් විට තොලත් හපන ගමන් පහුවෙන කාර්‍යබහුල නගරය වගේම වාහන දිහා බලන් හිටපු කොල්ලගෙ ඇස් නතර වුනේ තමන්ගේ දුරකථනය ලග....

~අද දවසට එක පාරක්වත් නෑනේ....

අද දවසට විසි වතාවකට වඩා මේ තරුණයා එක කෝල් එකක්, මැසේජ් එකක් එනකන් බලන් ඉන්න ඇති.....

~මැණික..ඔයා හොදින් නේද?

එක එක සිතුවිලි ගලාගෙන එද්දි ඇස් දෙකත් පියාගෙන හොද හුස්මක් ගත්තු කොල්ලා තම හිස දෙපැත්තට හෙලෙව්වේ ඒ සිතුවිලි තමන්ගෙ ඔලුවෙන් නිදහස් කරගන්න හිතාගෙන.....
පැය එක හමාරක විතර ගමනකින් පස්සේ වාහනය කලුපාට විශාල ගේට්ටුවකින් ඇතුලුවුනා.....
විශාල විදියට විහිදුනු උද්‍යානයක් එක්ක ඒ මැදට වෙන්න තිබුනේ විශල ගෙයක්...
ඒකට ගෙයක් කියනවට වඩා මන්දිරයක් කියන එක ගැලපෙනවා..

-ජියොන් මන්දිරය

වාහනය නවත්තන්නත් කලින්ම වාහනෙන් පැන්න කොල්ලා සුවිසල් මන්දිරයක් වගේ තිබුණු ගේ ඇතුලට එක පිම්මට දිව්වා.........

"බබා මන් ආවා...."
ටයි එකත් බාගෙට ගලවගන්න ගමන් කොල්ලා ගේ පුරා ඇස් යැව්වේ වෙනදට ජන්ග්කුක්ගෙ වාහනේ ගේට් එකෙන් ඇතුලට දාද්දිම ගෙදර දොර ඉස්සරහ ඉන්න රූපේ අයිතිකාරි දැකගන්න ලැබුනේ නැති නිසා...

"අහ් මැණික මාව බය කරන්න එපා.. කොහෙද ඔයා....."
තමන් එක්කම මුමුණන ගමන් පිටවෙන්න ගියපු ඉකිය හිරකරගන්න කොල්ලා ලොකු උත්සහයක් දැරුවා....
ජියොන් ජන්ග්කුක්ව තප්පර ගානකට වුනත් බයගුල්ලෙක්,දුර්වලයෙක් කරන්න පුලුවන්න්ම් ඒ එයාටම විතරයි!

"අජුම්මා!!!!!!!!!! අජුම්මා!!!"
තම නිදන කාමරයේ සිට මුළුතැන්ගෙය වෙත පැමිණි තරුණයා කෑගහද්දිත් ජියොන් මන්දිරය ඇතුලෙ කිසිම හැලහොල්මනක් තිබුනේ නෑ...
ජියොන් මන්දිරය මෙහෙම නිස්කලංකව තියෙනව කියන එකම ඇති කොල්ලගෙ පපුව ගැහෙන එක නතර කරන්න!

"අජුස්සි!!!!!! කෝ මේ ගෙදර මිනිස්සු...."
මුළු හිතම බයකින් වෙලාගෙන තියෙද්දි කොල්ලා තරහින් කෑගහන ගමන් ජියොන් මන්දිරය පිටිපස්සට ආවා...
කොල්ලා කෑගහපු පාර මුළු ජියොන් මන්දිරයම හෙල්ලිලා ගියත් පිටුපස උද්‍යානයේ කෙලවරක ඉදන් හිටපු
කෙල්ලටනම් ඇහුනෙවත් නැති පාටයි.....

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now