~2~

119 28 1
                                    

ඈතට පෙනුනු ඒ රුව ලග ඇස් නතරවෙද්දි කොල්ල සැනසුම් සුසුමක් හෙලන ගමන් තමන් එක්කම හිනා වුනේ මේ විනාඩි ගානට කොල්ල බය වුනු තරම ගැන හිතලා.....ජන්ග්කුක්ව හොදට ඉන්න මනුස්සයෙක්ගෙන් පිස්සෙක් ගානට ඇදලා දාන්න පුලුවන්නම් ඒ එයාටම විතරයි!

ගහක් එක්ක හරි හරියට කියවන කෙල්ල ලගට හිමින් හිමින් කිට්ටු කරපු කොල්ල ලෑස්ති වුනේ තමන්ව මෙච්චර බය කරපු කෙල්ලට බනින්න වුනත් කෙල්ල කියවන දේවල් වලට ඇහුම්කන් දෙන්න කොල්ලා තීරණේ කලා....

"මහලොකු බිස්නස්මන් පේනේද නේද තමන්ගෙ කෙල්ල ගැන ගානක්වත් නැති හැටි....අහුවෙද්දෙන්කො ඕකගෙ කොණඩේ ගහෙන් ගහ ගලවන්නේ මම!
යාලු ඔයාවත් එයාට කියන්න මාව මෙහෙම බය කරලා හොරෙන්ම ඇවිත් කරගන්න හදන්නේ හොද දෙයක් නෙවේ කියලා"
කෙල්ල අන්තිම ටික සද්දෙන් කියද්දි කොල්ලගෙ මූණේ හරි ලස්සන හිනාවක් ඇදුනේ තමන් ආපු බව දැන දැනම කෙල්ල කියවගෙන යන නිසා...

"බේබී!!"
කොල්ලා කෙල්ල ඉස්සරහට ගිහිල්ල ඉදගද්දි කෙල්ල ගස්සලා අහක බලාගත්තා..

"මෙහෙ බේබීලා නෑ! ආපු අතක් බලාගෙන යන එකයි ඇත්තෙ ඔය ලොකු මහත්තයා..."
කෙල්ල කම්බුලත් පුම්බලා කියද්දි කොල්ලා බොහොම අමාරුවෙන් ඒ පිම්බුනු කම්මුල් පොඩි කරන්න තියෙන ආසව අත ඇරගත්තා.......

"අව්ව්ව් මයි කියුටිට තරහ ගිහින්නේ....."

"අනේහ් නෑ මට තරහ ඇවිත්නේ! සති තුනකට පස්සේ හරියටම සති තුනකට පස්සේ ගෙදර ඇවිල්ලා පිස්සෙක් වගේ කෑගහලා දැන් මෙතෙන්ට ඇවිත් මාව දැක දැකම බලාගෙන ඉන්නවා!!!නිකන්වත් ගානක් නෑ තමන්ගෙ කෙල්ලව බදාගන්නවත්...ඔව් ඔව් දැන් මන් මහත් වෙලා කැත වෙලානේ...ඒකනේ මේ වෙනස්කම...."
කෙල්ල මූණත් පුම්බන් කියවගෙන කියවගෙන යද්දි කොල්ලා හිනාව නවත්තගෙන හිටියෙ බොහොම අමාරුවෙන්.......

"අයිගෝ....මැණික ඔයා දන්නවනේ මට දැන් ඕනි ඔයාව බදාගෙන ඉබගෙන ඉබගෙන යන්න කියලා.....  ඒත් බලන්නකෝ ජර්ම්ස් ඇති බබා! මන් වොශ් එකක් දාගෙන එනකන් හොද ලමයා වගේ ගෙට එන්නකෝ...."

"ඒත් මට දැන් ඕනි මගේ කුකීව බදාගන්නනේ..."
කෙල්ල තොලුත් නොපිටට පෙරලන් කියද්දි කොල්ලට හිතුනෙම කෙල්ල ඒ අත් අතරට හිරකරගන්න....ඒත් ජන්ග්කුක් සීමාවක් දාගෙන තියෙනවා...

"ඔයා දන්නවනේ-"

"අරස්සො අරස්සො මම දන්නවනේ ඉතින් ඔයා ගැන...හනේ ඉතිම් ඒ පිරිසිදුකමට පින් සිද්ද වෙන්න අපිට ඉතිම් කිස් එකක්වත් නෑහ්හ්...."

"කෝ අජුම්මා? මෙතන මොකද තනියෙන් කරන්නේ? මන් කොහොමද දැන් වොශ් එකක් දාගෙන ඉක්මනට එන්නේ ඔයාව මෙතන තනියෙන් තියලා...."

"යන්නකො මන් ගේ ඇතුලට එන්නම්...  අජුම්මා ඉන්නව අනේ..මන් තමයි කිව්වේ ඔයා නැට්ට ගිනිගත්ත කුකුලෙක් වගේ කෑගහද්දිවත් ඇහැක් ඇරල බලන්නෙපා කියලා...."
වීරකමක් කලා වගේ කෙල්ල කියද්දි කොල්ලා මූණත් ඇද කරගෙන නැගිට්ටා...

"ඇවිල්ලා අල්ලගන්නම්! ඉන්නවකෝ...."
කොල්ලා තරවටු ස්‍වරූපයකින් කියද්දි කෙල්ල හිනාව තද කරගෙන ඔලුව උඩට පල්ලෙහට වැනුවා....
කොල්ලා කෙල්ල දිහා බල බලම ගේ පැත්තට දුවන දිහා බලන් හිටපු කෙල්ල ඉන්න තැනින් නැගිට්ටේ ගේ ඇතුලට යන්න...... කෙල්ලට ඕනී සති තුනක් පුරාවට නොවින්ද ඒ උණුසුම ලබාගන්න... කෙල්ල දන්නව කොහොමත් ජන්ග්කුක් හොදට වොශ් එකක් දාගන්නෙ නැතුන් කෙල්ල ලගටවත් එන්නෙ නෑ කියලා......

..........................

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now