~4~

106 27 11
                                    

"යාආආහ්හ්හ්හ්හ්හ් ජියෝන් ජස්මින්!!!!!!!!"

"අව්ව්ව්ව් හව් කියුට්..අනේව් බලන්නකෝ කුකී........."
ගේ ඇතුලට මිනිස්සු පස් දෙනෙක් විතර අඩි පහක් විතර උස තඩි ස්පයිඩර් මෑන් කෙනෙකුයි තව චූටි චූටි අනුරූපයි, ස්පයිඩර් මෑන්ගේ කකුලක් හරි ප්‍රින්ට් කරල තිබුනු බඩු තොගයක් උස්සන් ඇවිත් තැන් තැන්වල තියල යද්දි කුක්කට යකා නගින එක සාදාරණයි!
ජස්මින් කොල්ලගෙ ඔලුව කාපු නැති ටික විතරයි ඔය ස්පයිඩර් මෑන් ගැනම කියවලා.... ජස්මින්ගෙ සුපර් හීරෝ ස්පයිඩර් මෑන් වෙද්දි ජන්ග්කුක්ට ස්පයිඩර් මෑන් කියන්නේ පේන්නම බැරි කෙනා...
පැත්තකින් බැලුවොත් අපිට ඒකට ඉරිසියාව කියන නිර්වචනේ දෙන්නත් පුලුවන්! ජස්මින්ට ස්පයිඩර් මෑන් ඉන්නවා කියන්නේ ජන්ග්කුක්ට බල්ලෙක්වත් නෑ කියන එක තමා...

"🙂හැදිගෑවිලාම යන්නෝනි ඔය මිනිහව!"

"යාහ්හ් කුකී......ඒවා අපේ පැටියට...මට නෙවේ!!!"
කෙල්ල දගකාර විදියට කියල චූටි ස්පයිඩර් මෑන් පිලෝ එකක් අතට ගත්තා...

"දැන් එයා කොල්ලෙක් නෙවේනම්?"

"කෙල්ලෙක් වුනත් මොකද! එයත් ස්පයිඩර් මෑන්ට ආස වෙන්නෝනි...."
අර පිලෝ එක ජන්ග්කුක්ගෙ මූණ ඉස්සරහින් එහෙට මෙහෙට අරන් යද්දි ජන්ග්කුක් බොහොම ඉවසීමෙන් ඒ දිහා බලන් හිටියා......

"ඇයි ඔයාට බැරි වුනේ අර අන්ඩවෙයාර් එක උඩට අදින සුපර් මෑන් කියන එකාටවත් කැමති වෙන්න???????මේ මකුලුවෙක්ව අල්ලන් දගලන්නේ....."

"ඉතින් මෙයත් අන්ඩවෙයාර් එක උඩ- waittttttt"
කෙල්ල කියන්න ගියපු එක නතර කරල අර ලොකු ස්පයිඩර් මෑන් දිහා හොදට බැලුවා.. උඩ ඉදන් පල්ලෙහට...පල්ලෙහ ඉදන් උඩට...ආයෙත් උඩ ඉදන් පල්ලෙහට..ආයෙත් පල්ලෙහ ඉදන් උඩට......දෙතුන් පාරක් ඔහොම ස්කෑන් කරන් ගියේ ඇස් දෙකත් ලොකු කරගෙන.....
ටිකක් වෙලා වටේම ස්පයිඩර් මෑන්ලා දිහා බලන් ඉදල කුකී දිහා බැලුවෙ තොලත් නොපිටට පෙරලගෙන..

"කූ.....🥺"
කෙල්ලට දැන් ඇඩෙන්න ඔන්න මෙන්න.... ඇස් දෙකත් බෝල කරගෙන... ජන්ග්කුක් හිටියෙ කෙල්ලට වුන දේ හිතාගන්න බැරුව...අඩියට දෙකට කෙල්ල ලගටම ආපු කොල්ලා කෙල්ලව බදාගත්තා.....

"ඇයි මැණික මේ...මොකද වුනේ...."
ජන්ග්කුක් අසූ හාරදාහට බය වෙලා!!!කොල්ලා කෙල්ලගේ මූණ අත් දෙකෙන්ම අල්ලලා උඩට උස්සලා ඇහුවම බර වෙච්ච නහය ජස්මින් උඩට ඇද්දා....

"මගේ ජිවීතේම විහිළුවක් කුකී😥 මෙච්චරකල් මන් හිතන් හිටියේ ස්පයිඩර් මෑන් යටකලිසම උඩට අදිනවා කියලා!!!!!!😭😭😭ඇහෑ එහෙම නෙවේ අයිගෝ......."
ජස්මින් අඩන ගමන් කොල්ලට තුරුල් වුනේ කොල්ලත් අඩන්නද හිනාවෙන්නද කියල හිතාගන්න බැරුව ඉද්දි....
කෙල්ල මේ ඉන්න තත්වේ එක්ක අඩනව කියන එක හොද දෙයක් නෙවේ... ජන්ග්කුක්ට දැන්නම් ස්පයිඩර් මෑන්ගෙ කලිසම ඔලුවෙන් ගලවන්න හිතෙන තරමට තරහයි!!!

"ශ්ශ්ශ් අඩන්න එපා බබා...කෝ මේ අහන්නකෝ...ඔයාට ඕනිනම් අපි එයාගෙ අන්ඩවෙයාර් එක ගලවලා උඩට අන්දමු හොදේ..ඕවද අපි නොකලේ..."
කොල්ල කෙල්ලගේ කදුළු පිහදාලා කියද්දි කෙල්ලත් ඔලුව දෙපැත්තට වැනුවා.....

"ඕන්නෑහ්හ්....මෙයාව එලියට ඇදලා දාමු...."
කෙල්ල දබරැගිල්ල තඩි ස්පයිඩර් මෑන් දිහාට හරෝලා කතා කලා...

"අජුස්සී!!!!!! මේ වංචාකාරයාව දැන්ම ගෙදරින් එලියට ඇදල දාන්න...මට පේන්නවත් තියන්නෙපා....U bloody cheater! මාව රැවැට්ටුවා..හිතන්නෙපා මගෙ ලමයිනම් ඔහේට කැමති වෙයි කියලා...හුහ්හ් මේ ජියොන් ජස්මින්ව රවට්ටලා ඔයා වැරැද්දක් කරගත්තේ හරිත.... u little piece of trash...fuc- "
කෙල්ල ස්පයිඩර් මෑන්ට බැන බැනගෙන යද්දි කොල්ලා ඉක්මනට කෙල්ලගේ කට වැහුවෙ කෙල්ලගෙ තරහින් පිරුණු ඇස් ජන්ග්කුක්ගෙ දිහාට හැරෙද්දි.....

"මෙයා ඕවා අහගෙන ඉන්නේ!☹️"
කොල්ලා කෙල්ලගේ බඩ දිහාට අත දික් කරල කියද්දි කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන තේරුණා කියන්න ඔලුව වැනුවා.....

"එන්නකො අපි රූම් එකට යමු අජුස්සි එයාව එලියට දායි...."
කොල්ල කෙල්ලවත් අල්ලගෙන අනිත් පැත්ත හැරෙද්දි ආයෙත් කෙල්ල ස්පයිඩර් මෑන් දිහා බලලා මිඩ්ල් ෆින්ගර් එක පෙන්නලා එරෙව්වේ ජන්ග්කුක් තොලත් හපාන හිනාව පාලනේ කරගන්න ට්‍රයි කරද්දි...ජස්මින්ට තරහ ගියාම ගොඩක් බයානකයි! හ්ම්!! ජස්මින් දන්නෙ නෑ එයාට තරහ ගිය වෙලාවට වටේ ඉන්න අය හිනාව නවත්තගන්න දෙන ගේම ගැන!

....................

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now