CHAPTER 05

2.8K 382 60
                                    

ටේහිය්‍යොන් තම ආහාර ගැනීම අවසානයේ Key lemon pie වලින් සමන්විත වූ පිඟානෙන් කෑල්ලක් තමන්ගෙ පිඟානට අරන් එයින් පොඩි කොටසක රස බැලුවා..

"ජියොන් family එකක්? මොකක්ද හේතුව හියොන්ග්..?"

- "මගෙ අප්පගෙ හොඳම යාළුවා ජියොන් කෙනෙක්.."

"ආහා..!!"

- "ඉතිං එයාගෙ පුතාගෙ වෙඩින් එකට අපේ family එකටම invite කරලා තිබ්බා.. ඉතිං මටත් එහේ යන්න වෙනවා.."

ජන්ග්කූක් තත්පර කිහිපයක් ටේහිය්‍යොන් දෙස සෘජුවම බලාගෙන හිටියා.. නමුත් ටේහිය්‍යොන් තමන්ගෙ ආහාරය රස විඳිමින් සිටි නිසා ජන්ග්කූක් ගෙ සෘජු බැල්ම මග හැරුනා..

"ජියොන් වෙඩින් එකක්..??"

- "ඔව් baby.. මටත් ඕන baby ජියොන් family එකකින් little prince කෙනෙක්.."

ජන්ග්කූක්ගෙ බාල වුන හඬ ගැන තැකීමක් නොකළ ටේහිය්‍යොන්, ජන්ග්කූක් දෙස බලා ඇහැක් ගහලා හිනා වුනේ ජන්ග්කූක් නැවතත් අපහසුවෙන් බිම බලා ගද්දි..

පැයකට ආසන්න කාලයක් ඔවුන් මිහිරි සංවාදයක යෙදෙමින් ආහාර ගත් පසු ටේහිය්‍යොන්, coat hanger එකේ එල්ලා තිබූ තමන්ගෙ ලෙදර් කෝට් එකේ තිබූ මිලෙන් අධික Marlboro Vintage සිගරට් පැකට් එකෙන් සිගරට් එකක් ගත්තා. හෝටල් කාමරයේ පැත්තක දමා තිබූ ඔහුගෙ කුඩා බෑගයේ බඩු සියල්ලම බිමට හැලූ ඔහු එයින් එළියට විසි වුන රන්වන් පාට ලයිටරය අතට ගත්තේ ජන්ග්කූක් දෙස බලා කට කොනකින් සිනහ වෙන ගමන්..

"ඔයාගෙ නම් කිසිම පිලිවෙලක් නෑ කිම් ටේහිය්‍යොන්.."

- "හරියටම කිව්වා.."

සිගරට් එක කටේ තියගෙනම එය දල්වා ගත්ත ටේහිය්‍යොන් බැල්කනි එකට ගියේ නිදහසේ තමන්ගෙ දුම්වැටිය රස විඳින්න.. වේටර්වරයා කෑමත් සමඟම ගෙනත් තිබුන ⁣වේදනා නාශක පෙති කීපයක් ගත්ත ජන්ග්කූක් කොර ගසන ගමන්ම බැල්කනි එක වෙත පිවිසුනා..

මේ ඔවුන් එකට සිටින අවසන් පැය කිහිපය.. ජන්කූක්ට අවශ්‍ය වුනා හැම මොහොතකම මේ නාදුනන තරුණයා, ටේහිය්‍යොන් සමඟ කාලය ගත කරන්න.. ඔහුව අල්ලන්න, සිප ගන්න, ඔහු සමඟ සංසර්ගයේ යෙදෙන්න, ඔහු වෙනුවෙන් කෑම හදන්න, ඔහු සමඟ හුරතල් වෙන්න.. මුළු ජිවිත කාලෙම ඔහු සමඟ ගත කරන්න.. මේ සෑම දෙයම කරන්න ඔහුට අවශ්‍ය වුනා.. නමුත් ඔහු දැනටත් ගොඩක් පරක්කුයි..

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now