05🚫

101 35 29
                                    

KNJ බිල්ඩින්ග් එකේ එම්ප්ලොයර්ස්ලා ඔක්කොම වගේ කලබල උනේ NIS එකෙන් හදිසියෙම බිල්ඩින් එක වටලපු හිංදා..

"මිස්ටර් කිම් නැම්ජූන්... අපිට ඔයාව අත්අඩංගුවට ගන්න වෙනවා."

එක නිලධාරියෙක් තමන්ගෙ අයිඩී එක පෙන්නන ගමන් කියද්දි එම්ප්ලොයර්ස්ලා අතරෙ කසු කුසුවක් පටන් ගත්තා.

"මොන මගුලක්ද මේ කියවන්නෙ?? මොකටද මාව ඇරස්ට් කරන්නෙ.. කව්ද ඕඩර් එක දුන්නෙ??"

මාංචු දාන්න අල්ල ගත්ත නැම්ජූන්ගෙ අත් දෙක ගසලා දාන ගමන් කෑ ගැහුවෙ අඩි පොලොවෙ හප්ප හප්ප.

"මමයි කිව්වෙ ඇරස්ට් කරන්න කියලා... කන්ග් යූරා සෝල් අපාරාද පරීක්ෂණ අංශයෙ හෙඩ්."

"හහ්... මාව ලේසියෙන් ඇරස්ට් කරන්න හිතුවද?? සාක්ෂි නැතුව කොහොමද මාව ඇරස්ට් කරන්නෙ??"

"සාක්ෂි පෙන්නනම් පොලීසියට ගියාම.. දැංවත් බාරවෙනවද මිස්ටර් නැම්ජූන්."

"තමුසෙලට පිස්සු හැදිලද??මො...."

එතනට එකපාරම කඩංවැදුනේ නැම්ජූන්ගෙ ප්‍රයිවට් සෙකෙට්‍රි මින් ජීවා

"අපි කරන්නෙ රාජකාරිය මිස්.මින් මේවට පැටලෙන්න එපා... කායි... මෙයාට මාංචු දාන්න."

හොසොක් ජීවාගෙ කතාව සම්පූරණ කරන්න නොදී කිව්වෙ කායිගෙ පැත්ත හැරෙන ගමන්..

_______________________________________

අත්අඩංගුවට ගත්ත නැම්ජූන්ගෙන් ප්‍රශ්න කරන්න අරං දැං පැය තුන හමාරකට වැඩියි.. ඒත් නැම්ජූන් වටින් ගොඩින් උත්තර දුන්නා මිස ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ.

"මිස්ටර් නැම්ජූන්... මේ අන්තිම පාර.... සිසී⁣ටීවි වලින් පෙන්නනවා ඔයාගෙ කා එක ජුනි දහය රෑ බූසාන් වලට යනවා...ඔයා කොහොමද ඒක නෑ කියන්නෙ??"

හොසොක් එක දිගටම ප්‍රශ්න කරත් නැම්ජූන්ගෙ කටින් උත්තරයක් ගන්නවට වඩා ලේසියි කළු නික හොයන එක.

"මං කී සැරයක් කිව්වද?? මම ඔය දවසෙ බූසාන් .....ගියෙ..... නෑ.... එදා.....එදා...එදා මම ඔම්මට බෙහෙත් ගන්න ගියා."

"ඩොක්ට කව්ද??"

"මො....මොකක් ඩො....ඩොක්ට අපේ ෆැමිලි ඩොක්ටර්... "

PSYCHO|JHS&PJM|✔|Where stories live. Discover now