10🚫

163 30 33
                                    

අව්රුදු 10 කට පසු,

ඒ හිමවැටෙන දෙසැම්බරයෙ එක දවසක්.... යූරා ගියේ අව්රුදු ගානකට පස්සෙ කෙනෙක්ව දකින්න

හිරෙන් නිදහස් උන කිම් නැම්ජූන් ව හම්බෙන්න...

"ඇයි මාව හම්බෙන්න ඕනෙ කිව්වෙ."

"එක සැරයක්.... මට අයියෙ කියපා කතා කරන්න බැරිද??"

"මට ඒකට සාධාරණ හේතුවක් දෙන්න මිස්ටර් නැම්ජූන්"

"හොදයි හොදයි මං සම්පූර්ණ කතාවම කියන්නම්.. අපි අර හරියට යමු"

නම්ජූන් කිව්වෙ මිදිලා තිබුන හන් ගග පැත්තට අත දික් කරන ගමන්

"හ්ම්"

"අප්ප මගෙ ඔම්මා ඇරෙන්න තව ගෑණු අය ගොඩක් අය ආශ්‍රය කරලා තියෙනවා.. එතනින් එක්කෙනෙක් තමා ඔයාගෙ ඔම්මා... ඔයා ටිකකට හිතුවද ඔයාගෙ අප්පට මොකද උනේ කියලා.... ඔයාගෙ අප්පා තමා මගෙත් අප්පා... ඔයා ජිමින් කියන්නෙ ඔයාගෙ ඔම්මගෙ ලමයි.. වෙන ගෑණුකෙනෙක්ට තමන්ගෙ ලමයි ඉන්නවා කියලා ලෝකෙ දැනගන්න එක තමන්ගෙ නමට කැලලක් කියලා අප්පා හිතුවා ඊට පස්සෙ අප්පා ඔයාව ඔයාගෙ ඔම්මටම හදා ගන්න දීලා ජිමින් වෙන පව්ලකට දුන්නා... මං ඔය දෙන්නව හොයාගත්තෙ අප්පගෙ ඔෆිස් එකේ තිබ්බ ඩීඑන්ඒ ටෙස්ට් ⁣රිපෝට්ස් දෙකකින්.. මං දිගටම හෙව්වා... එතකොටයි දැනගත්තෙ ජිමින් කැම්පස් ඔයා සෝල් ස්ටේෂන් එකේ කියලා... ජිමින් හරි දක්ෂයි පොත් ලියන්න.. එයා ලිව්ව අන්තිම පොත '22' කියන එක.. ඒකට තමා ඔය 21 දෙනාවම මැරුවෙ... මල්ලි මගෙන් උදව් ඉල්ලුවා මේ වැඩේට... ඒ වෙ⁣නකොටත් එයා psychopath කෙනෙක්.. තමන්ට වාසි නැත්තම් සහෝදරය උනත් වැඩක් නෑ... මට කරන්න දෙයක් තිබුනෙ නෑ... මාත් එයාට උදව් කරා.. ඇත්තටම මං හිතුවෙ නෑ ඒක මේ තරම් මරණ ගොඩකින් ඉවර වෙයි කියලා... මට සමාවෙන්න යූ.... ඔයාගෙ මල්ලිට හොද හ්‍යොන්ග් කෙනෙක් වෙන්න මට බැරි උනා.."

කතාව අවසානයේ යූරා ලොකු හුස්මක් පහල දැම්මා..

"මටත්.... බැරි උනා එයාට හොද නූනා කෙනෙක් වෙන්න......... අයියේ!!!"

හැමදේම දැනගත්තට පස්සෙ යූරා ගෙදර එද්දි හවස හයටත් ලගයි... ඉක්මනට ගෙදර යන්න අතුරු පාරකින් දැම්මේ ට්‍රැෆික් එකෙන් මගඇරෙන්න.. ටික දුරක් යද්දි පිරිමි කෙනෙක් අත දාලා වාහනෙ නවත්තුවට පස්සෙ යූරා කා එකෙන් බැස්සා..

"Rest in pease kim yura"


"මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්..

සෝල් හිටපු ප්‍රධාන පොලිස් ස්ථානාධිපති ජන්ග් යූරාගෙ මලසිරුර හන් ගග අසල අතුරු පාරකින් හම වී ඇත... ඊට පෙර දින රාත්‍රියේ අතුරුදහන් වූ පාක් ජිමින් ඝාතකයා සමග මෙම මරණය සම්බන්ධ බව පොලීසිය සැක කරන බව අපට වැඩි දුරටත් වාර්තා විය..."


The end.............??

_________________________________________

ඉතිං ඉතිං ඉතිං කතාව ඉවර උනාද??

දන්නෙ නෑ..... ඒත් යූරගෙ කතාව ඉවරයි. 🙂💔 ඊලගට කාගෙද??

දන්නෙ නෑ...

මං මොකවත් දන්නෙ නෑ...

ම්ම්ම්ම්.... මට මේ ගොන් අදහස ආවෙ x files ආයෙමත් බලන්න ගත්ත වෙලාවෙ ඉදං.... කොයි තරම් බැලුවත් එපා වෙන එකක්යැ 😅

ඇත්තටම යූරව මරන්න නෙමෙයි හිටියෙ.. ඒත් මට අවසානයක් නැති අවසානයක් දෙන්න ඕනෙ උනා..

සමනල ගැටේ ගැහිලනම් දැං ලෙහා ගන්ඩලා... 😅ඔක්කොම ටික විසදුනානේ... හොබීගෙ ලගමයව බලාගන්න කව්රු හරි එවන්ඩෝ... මට යන්න බෑ.. මං දරු නැලවිලි දන්නෙ නෑ.. 😪 හැබෛ බයිලා නම් නතිං.. 😁😁

සීසන් ටූ.. 🙂??

දන්නෙ නෑ....

සමහර විට... 😶

ඒනම් ඉතිං සතුටින් ඉන්ඩෝ... 🙂💔 අනිත් ටික ටික කාලෙකට ඔන්හෝල්ඩ් දානෝ. මට ලියන්න ⁣මූඩ් ඉල්ලෙ..

ප.ලි.: එනවුන්ස්මන්ට් එකට රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ස්තූතියි 🙂❤️

#jesmine

PSYCHO|JHS&PJM|✔|Where stories live. Discover now