ᵖⁱᵃⁿⁱˢᵗ 02

125 21 41
                                    

                                   ꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹꧂
                 
                                                          [02]
 


                                                         ♫︎♡︎


රෝස පාට සකුරා ගහ යට හදලා තිබ්බ ගල් බංකුව උඩ ඉදගෙන හිටපු ජිමින් එයාගේ කඩවසම් පියානෝ වාදකයාගේ ඒ පියානෝ වාදනය නරඹලා අවසන් වුනා. ජිමින් ඒක ගොඩාක් රස වින්දා.

ඒ පියානෝ හඩ, ඒ පියානෝ වාදකයාගේ කඩවසම් බව, ඒ දිග ඇගිලි අර පියානෝවේ ස්වර පුවරුවේ සෙල්ලම් කරපු හැටි ජිමින් ආදරණීයව රස වින්දා.

ටේහ්‍යුන්ගේ වීඩියෝ බලනකොට ජිමින්ගේ මූන ඉස්මතු කරන ඒ හැගීම් ඒ වෙලාවට ජිමින්ව දකින ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්. ඒත් ජිමින්ට තාම ඒ හැගීම අදුරගන්න බැරි වුනා.

ඉදන් හිටපු අසුනෙන් නැගිටපු ජිමින් කැෆටේරියා එක පැත්තට පිය නගන්න වුනා. මොකද ජිමින් එනකන් එයාගේ යාලුවා වුන හොබී ජිමින්ගේ ඇමරිකානෝ එකයි, කුකීස් ටිකයි එක්ක බලන් ඉන්න බවත්, ඒවගේම ජිමින්ගේ අනිත් යාලුවෝ ටිකත් එයාගේ පැමිණීම බලාපොරොත්තු වෙන බවත් ජිමින් දැනන් හිටියා. මොකද ජිමින් කියන්නේ ඒයාලගේ කියුට් මෝචි බෝලේ නෙහ්.

කැෆටේරියා එකට ඇතුල් වුන ජිමින් හොබී ගාවට ගිහින් අසුන් ගත්තා. හොබිත් එක්ක යූන්ගි, ජින් දෙන්නත් කොෆී බොන ගමන් හිටියා.

"ඔන්න මං ආවා. මං ප්‍රමාද නැහැ නේද හොබී....."

" ආ...ජිමින් එන්න අපි මේ ඔයාගේ පැමීණීම බලාපොරොත්තුවෙන් හිටියේ.."

ජිමින් හොබී ලග තිබ්බ අසුනෙන් ඉදගන්න ගමන් කියනවත් එක්කම හොබී ජිමින්ට පිලිතුරු දුන්නා.

"මෙන්න ජිමින් ඔයාගේ ඇමරිකානෝ එක..කුකීස් නම් දෙකයි තියෙන්නේ"

"ස්තූතී හොබී. ඇයි කුකීස් තිබ්බේ නැද්ද?"

"මං වැඩිපුරත් එක්ක ගත්තා. මොකද අද තිබ්බේ චොකලට් ෆ්ලේවර් කුකීස් නිසා. ඔයා ඒවට ආසයි නේ ජිමින්. ඒත් අපි හැමෝමත් කාපු නිසා දෙකයි ඉතුරු වුනේ. ජන්කුක් තමයි වැඩිපුරත් එක්කම කෑවේ"

ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎ Where stories live. Discover now