ᵖⁱᵃⁿⁱˢᵗ 05

46 11 15
                                    

꧁🇵 🇮 🇦 🇳 🇮 🇸 🇹  ꧂
                                               
                                               [05]
                                            
                                              

                                              ♫︎♡︎








ටේ මේ දවස් වල ගොඩක් කාර්යබහුල වුනා. ඒ එයාගේ ශෝ එක නිසා. ටේ තව සති තුනකින් වගේ ශෝ කරන්න ලැහැස්ති වෙන ගමන් ඉන්නේ.

ටේ ඇයි එකපාරටම ශෝ එකක් කරන්න හිතුවේ?

අලුතින් සින්දුවක් කරන්නනේ හිටියේ...

ඔව් ඒ එයාගේ ඒන්ජල් වෙනුවෙන් තමයි.

ඒ ඒන්ජල් තමන්ගේ රසිකයෙක් කියලා දැනගත්ත නිසා ටේ හිතුවා එයා ගැන විස්තර හොයාගන්න මේක හොද අවස්තාවක් වෙයි කියලා...

ටේට එයාගේ ඒන්ජල්ව ඕන වුනා...

ඇයි තව ඒ ඒන්ජල්ව සතුටු කරන්න, ඒ මූනේ ඒ ඇස් ගිලෙන හිනාව බලන්න මේක අවස්තාවක් වෙයි කියලා ටේට හිතුනා. ඒ නිසා තමයි එයා ශෝ එකකට රෙඩි වෙන්නේ...

ඉතින් ටේ තව සති තුනකින් විතර ශෝ එක කරන්න තීරණය කලා. මේ දවස් වල එයා සෝල් වල ඇවිදින්න ගියෙත් නැත්තේ මේ වැඩ නිසා.

ඉතින් ඔහොම ඔහොම සතියක් විතර කාලය ගෙවිලා යද්දි ටේගේ ශෝ එකේ ටිකට් විකුනන වැඩේ පටන් ගත්තා.

ටේ පියානිස්ට් කෙනෙක් නිසා එයාගේ ශෝ එකේ එයා ඉඩ වෙන් කලේ රසිකයින් සීමිත පිරිසකට විතරයි. ඒ වාසනාවන්ත රසිකයෝ 3000කට.

ටේගේ ටීම් එකේ කට්ටියක්ව වෙනම පත් කලා ටිකට් විකුණන වැඩේට. එතකොට ඒ අය ටිකට් සම්බන්ධව කරන්න තියෙන ඔක්කොම වැඩ ටික හරියටම කරන්න ඕන.

මුලින්ම කට්ටියම වැඩ පටන් ගත්තේ ශෝ එක ගැනයි, ටිකට් විකුනන වෙලාව ස්ථානය වගේ විස්තර ඔක්කොම ඇතුලත් කරපු පෝස්ට් එකක් social media හැම එකකම වගේ share කරලා.

Jimin pov.

ජිමින් හිටියේ එයාලගේ ලෙක්චර් එක ඉවර වෙලා ලෙක්චර් හෝල් එකේ පැත්තක තිබුන එයාගේ පුටුවේ ඉදගෙන. හොබීත් ඒ ලගම ඉදගෙන හිටියා. ජිමින් කම්මැලි කමටත් එක්ක එයාගේ ෆෝන් එකෙන් ගේම් එකක් ගගහා හිටියේ.

ටික වෙලාවක් යනකොට ජිමින්ගේ ෆෝන් එකේ නොටිෆිකේශන් එකක් වැටුනා එයා දැක්කා. ඒ ටේහ්‍යුන්ගේ වෙබ්සයිට් එකෙන් කියලත් ජිමිනි හොදටම දැක්කා. ගේම් එකත් පැත්තක දාලා නොටිෆි එක ක්ලික් කරපු ජිමින්ට එක පාරටම කෑ ගැස්සුනා.

ඒ ටේගේ ශෝ එක ගැන දාපු පෝස්ට් එක. ජිමින් කෑගහගෙන නැගිට්ට ගමන් හොබී උඩ ගියා. දන්නවානේ ඉතින් අපේ හොබී බය වෙන විදිහ. හොබී ජිමින්ගේ පස්සට ගහලා අතින් ඇදලා පුටුව උඩ ඉන්දෙව්වා.

"යා සේසන්ගේ....ජිමිනා වේ.....බය කරන්න එපා මනුස්සයෝ.... මොකෝ වුනේ උබ යකෙක්වත් දැක්කද?"

"ඔමෝ හොබා මියාන්...යකෙක් නෙමෙයි අයියෝ...මේ ටේගේ ශෝ එකක් තියෙනවාලු..."

"ටේ...ආහ්හ් අර පියානිස්ට් ටේහ්‍යුන්ගේ ද?"

"ඔව් ඔව් එයාගේ තමයි..."

"අනේ හොබා මට යන්න ඕන... 3000කට විතරලු සීට් තියෙන්නේ... අනේ මට යන්න ඕන..."

"ඉතින් මං අල්ලන් හිටියදැයි.....යන එකයි ඇත්තේ"

"හේ මං යනවා තමයි හෙට උදේටලු එයාගේ ස්ටුඩියෝ එක ඉස්සරහා ටිකට් විකුනන්නේ... මං යනවා..."

"හ්ම්ම් හෙට යුනි නැති එකත් හොදයි එහෙනම්"

"ඔව් නෙහ්..."




_________________________________________________

දැන් එහෙනම් ජිමින් එයාගේ ටේව ලයිව් බලන්න යයි....

ටේටත් එයාගේ ඒන්ජල්ගේ හිනාව බලන්න පුලුවන් වෙයි....

ඉතින් අද කොටස කොහොමද???

කතාව ගැන අදහස් මොනාහරි කියාගෙන යන්න....

අහ් මොචිස් තව දෙයක්..... ඔයාලා කැමතිනම් මගේ මේ කතාවට ගැලපෙන කවි නිසදැස් ඔයාලගේ අදහස් වගේ ඒවත් කමෙන්ට් කරන්න....

එහෙනම් ඊලග කොටසින් ආයෙමත් හම්බ වෙමු...

බායි පැටවු.....

පරිස්සමින් සතුටින් ඉන්න.....

ᑭIᗩᑎIՏT || ᵛᵐⁱⁿ ❣︎ Where stories live. Discover now