CHAPTER 06

2.7K 317 24
                                    

ටේහිය්‍යොන්ගෙ අත් අතර සුවසේ නිදාගෙන හිටිය ජන්ග්කූක් නැගිට්ටෙ මූණට වැටුන ඉර එළියත් එක්ක.. රාත්‍රිය පුරා හෝටල් කාමරය තුලින් ඇසුන ග්‍රැම ෆෝන් නාදය දැන් නතරවී ගොස් තිබුනා.. ඒ වගේම, මුළු කාමරය පුරාම පැවතුනේ නිස්කලංක ස්වභායක්.. නමුත් ඒ නිශ්ශබ්දතාවය බිඳිලා ගියේ තත්පර ගණනකින්..

- "Good morning my love.."

තමන්ගෙ පිටුපසින් ඇහුන සුපුරුදු ගැඹුරු හඬත් එක්ක ජන්ග්කූක් ඒ පැත්ත බැලුවා.. ලස්සන සිනහවකින් සැරසුන කඩවසම් තරුණයෙක් ජන්ග්කූක්ගෙ මූණට එබුනෙ ජන්ග්කූක් නිදිමතින් පිරුණු ඇස් ඉබේම විශාල වෙද්දි.. තත්පර ගානක් ඇතුලත හරි සිහියට ආව ජන්ග්කූක් කලබලෙන් ඇඳෙන් නැගී සිටියෙ තමන්ගෙ ශරීරය දෙපැත්තෙන් අත් තබා මූණට බරව සිටි ටේහිය්‍යොන්වත් තල්ලු කරගෙන..

- "Oh baby..!?"

"ම්- ම්- මොකක්ද කරන්නේ ඔයා?"

- "Sorry baby. ඔයා බය වුනා ද?? I'm really sorry.."

ටේහිය්‍යොන්ව දුටු ගමන් ජන්ග්කූක්ගෙ වචන පවා පැටලුනා.. ඇත්තටම ජන්ග්කූක් ටේහිය්‍යොන්ට බය වුනා ද? නැහැ.. ටේහිය්‍යොන් වගේ කඩවසම් තරුණයෙක්ට ඇයි ජන්ග්කූක් බය වෙන්නේ? ඇස් විවර කරපු ගමන් ජන්ග්කූක් දැක්කෙ එයා දැකපු ලස්සනම දර්ශනය.. ඒ එයාගෙ නොවන.., ඒත් එයාගෙම වෙන, එයාගෙ අසම්මත ආදරේ.., කිම් ටේහිය්‍යොන්ව... ටේහිය්‍යොන්ව දැක්ක ගමන් හදවත පිනුම් ගහන්නත් ඊටත් වඩා වේගයෙන් ගැහෙන්නත් ගද්දි ජන්ග්කූක් ඉක්මනටම කෙලින් වුනේ එයාගෙ හද⁣වතේ සද්දෙ තමන්ගෙ ඉදිරිපිට ඉන්න කෙනාට ඇහේවි යන බය නිසා..

ඇඳේ ඉදගෙන ඉන්න ජන්ග්කූක් බැලුවෙ තමන්ගෙ ශරීර දිහා.. නිරුවතින් නිදා ගත්ත ඔහුගෙ ඇඟ ⁣සුදු පාට පොරවනයකින් වැහිලා ගිහින් තිබ්බා.. පොරවනය ශරීරයෙන් මදක් ඉවත් කල ජන්ග්කූක් ඒ තුලට හිස යොමා තම යටි කය දෙස බැලුවා.. එය තවමත් නිරුවත්.. ඒ සමඟම ඔහු තමන් අසලින් ඉවත්ව ගොස් තමන්ට පිටුපා සිටි ටේහිය්‍යොන් දෙසත් බැලුවත් ඔහු පෙර රාත්‍රියේ දි මෙන් යටිකය වටා තුවායක් පටලන් ඉන්න හැටි ජන්කූක් දුටුවා..

- "Baby.."

"අහ්??"

- "යන්න ගිහින් වොෂප් වෙලා එන්න.. තව ටිකකින් breakfast එකත් එයි.."

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now