CHAPTER 7

356 69 5
                                    

අත්තම්මා ඉස්සරහ ටේහ්‍යුන්ග්, නම්ජුන් වගේම ජින් වාඩි වෙලා හිටියෙ හරිම හොඳ අඹෙන් නෙළාගෙන ආපු අය වගේ. ජින් නම් කොහොමටත් අහිංසක හඳ පලුවක් වගේ වුණත් අනිත් දෙන්නා මේ විදිහට හිටිය එක ගැන ජින් පුදුම නොවුණේ ගිය තැනකදි හැර පිට තැනකදි හැර තමන්ගෙ ගෙදරදි නම් මේ විදිහෙ නිවුණු පෙනුමක් මේ දෙන්නගෙන් බලාපොරොත්තු වෙන එක මහ ම මහ බොරුවක් කියලා දන්න නිසා.

අත්තම්මා වුණත් ජින් නම් හරිම හොඳ බව දැනන් උන්නත් අනිත් දෙන්නා තමන් ඉස්සරහ පෙන්නන උපාසක රූපෙ අහලකින් වත් ගෑවිච්ච උන් නෙවේ කියලා තේරුම් ගත්තේ ටේහ්‍යුන්ග් ලඟින් එන සිගරට් ගඳත් එක්ක.

ටේහ්‍යුන්ග් පුතාගේ නරක පුරුදු ටික නවත්තගත්තොත් හොඳයි. මොකද ඔයා ගෙදරක වගකීම අරන් දරුවෙක්ගෙ ඔම්මා වෙන්න යන එකේ මත් වෙන ජාති ඈත් කරලා තිබ්බොත් තමා හොඳ. අනික කූකි පුතා උනත් ඒකට එච්චර කැමති වෙන එකක් නෑ.

අත්තම්මා කිව්වේ ටේහ්‍යුන්ග් දිහාට හැරිලා පොඩ්ඩක් තද විදිහට.

අත්තම්මා කොහොමද ඒක දන්නේ කියලා නම්ජුන් ලොකු හිනාවක් පෙන්නන ගමන් ජින් ගෙන් ඇහුවම ජින් ආපිට ලස්සන ට හිනා වුණේ ඔහෙගෙ මල්ලි එන්න කලින් නෑවෙ නැතුවට මම මොනා කරන්නද වගේ පෙනුමක් පෙන්නුවහම නම්ජුන් ට තේරුම් ගියා අත්තම්මගෙත් නහය තාම හොඳට වැඩ කියලා.

ම.. මම නවත්තගන්නම් අත්තම්මා. ඒක නෙවෙයි.. කූකි මේ කසාදෙට කැමතිද..?

ටේහ්‍යුන්ග් ඇහුවේ ජන්කුක් මේකට තමන්ගේ කැමැත්ත දුන්නද කියලා ඇත්තටම දැනගන්න.

ඔව්. කූකී කැමතියි...

අත්තම්මා කියද්දි ටේ හ්‍යුන්ග් බොරු හිනාවක් දාලා තමන්ගේ කැමැත්තත් පෙන්නුවා.

එහෙනම් මම ගිහින් කූකි එක්ක ටිකක් කතා කරන්නද..?

ටේ හ්‍යුන්ග් ගේ කටහඬේ කිසිම ආදරණිය බවක් තිබුණෙ නැති බවට ජින් ට දිව්රන්න පුලුවන්. මේ මගුලත් තවත් එක කරදරයක් මිස සතුටක් නොවන බව ජින් දැනගෙන හිටියා.

අනේ දෙවියනේ.. මගේ කූකි කියන්නේ ගොඩක් ආදරණීය කෙනෙක්. අනේ මට මගේ කූකි ව මේ විශ්වාස කරන්න බැරි ටේහ්‍යුන්ග් ගෙන් බේරලා දෙන්න. මම විඳින කරදර මගේ මල්ලි විඳින්න ඕන නෑ....

bless me with forgiveness (VMK) ✔️Where stories live. Discover now