CHAPTER 21

377 68 4
                                    

ඇයි ටේහ්‍යුන්ග් ඔයා ඔහොම කරන්නේ. මුලින්ම ඔයා මගෙන් ඔයාවම ඈත් කළා. දැන් මගේ ජිමිනිව ඔයා මගෙන් ඈත් කරන්නද හිතාගෙන ඉන්නේ..?

මම ඔයාට මොනවද ටේහ්‍යුන්ග් කරපු වරද..? මොකක්ද මගේ මෝචිවත් අරගෙන ඔයා මගෙන් ඈතට යන්න හදන හේතුව. මම හොඳ මදිනෙ ඔයාගෙ ආදරේ ට නේද...

මමත් ඔයා වගේ නගරේ ඉඳපු පොෂ් කොල්ලෙක් උනා නම් ඔයාට මාව එපා වෙන එකක් නෑ නේද. දාඩිය මඩ පෙරාගෙන, පොළව කොටන ගොවියෙක් ඔයාට ගැලපෙන්නේ නැතිව ඇති නේද.?

ජන්කුක් තමන්ට ම කියා ගත්තෙ ශවර් එකට යටින් හිටගෙන ගලන වතුර පාරට මූණ අල්ලගෙන.

තමන්ගේ ආදර ජීවිතේ විනාශ වෙන්නම ලියවුණු එකක් කියලා ජන්කුක් ට හිතුනු වාර අනන්තයි. ඒ මොන දේ වුණත් එන දේකට ශක්තිමත් ව මූණ දෙන්න හිත හදාගත්තු ජන්කුක් පහළ තට්ටුවට ගියේ සුපුරුදු හිනා මූණ තියාගෙන නම් නෙවෙයි.

🖤

ජන්කුක් කිම් පවුල ඉස්සරහින් වාඩි වුණා.

මිස්ට ඇන්ඩ් මිසිස් කිම්.. මොනවද මාත් එක්ක කතා කරන්න කියලා ඉතුරු වෙලා තියෙන්නේ?

ජන්කුක් ඇහුවෙ එච්චර සතුටක් ඇතිව නෙවෙයි.

ඇයි මාමා කියලා කතා කරන්නේ නැත්තේ ජන්කුක් පුතා. ඔයාගෙ මාමයි නැන්දයි අපි.

දේයොන් කිව්වා වුණත් ජන්කුක් ට ඒකට හිනා ගියේ හරියට දේයොන් කළේ විහිලුවක් වගේ. තමන් ගාව ජින් හ්‍යුන්ග් යි ජිමිනුයි නැති එක ගැන ජන්කුක් සතුටු වුණා.

ජන්කුක් හොඳටම දන්නවා ජින් වගේම ජිමින් ජින්ගේ කාමරේට වෙලා අඬනවා කියලා. ඒත් ඒ දෙන්නා හඬන බව දැනගෙන හිටියා වුණත් මේ ප්‍රශ්නෙට තමන්ට උත්තර දෙන්නම වෙන බව ජන්කුක් තේරුම් ගත්තා.

ඔයාලගේ පෝසත් පොෂ් පවුලට අපි වගේ දුප්පත් ගොඩේ අයත් එක්ක රිලේශන්ෂිප් මොකටද මිස්ටර් කිම්? අපි ඔයාලගේ තත්ත්වෙට පෑහෙන්නෙ නෑ නෙ. ඒකනෙ මගේ හ්‍යුන්ග් ව බඩේ දරුවෙක් ඉද්දි ඩිවෝස් කරලා ගෙයින් එළියට ඇදලා දැම්මෙ නේද..?

ජන්කුක් අහපු දේට නම් දේයොන් ගාව උත්තර තිබුණේ නෑ.

මම දැනන් හිටියෙ නෑ ජන්කුක්. මම දැනන් හිටියෙ නෑ. මම දැනගෙන හිටියා නම් මගෙ ජිනී ව මම ඒ විදියට ගෙදරින් එළියට දාන්නේ නෑ...

bless me with forgiveness (VMK) ✔️Where stories live. Discover now