CHAPTER 08

3.7K 453 278
                                    

විනාඩි කීපයකට පස්සේ ජන්ග්කූක් නින්දෙන් අවදි වුනා.. ඔහු තවමත් නාන කාමරයේ බාත් ටබ් එකේ වතුර අස්සේ.. ඇත්තම තත්වය නම් ජන්ග්කූක් නැගිට්ටෙ පැය දෙකකට පසුවයි.. ඔහු ඒ පැය දෙකම ගත කලේ බාත් ටබ් එක ඇතුළෙ.. ඔහු නින්දෙන් අවදි වුන තත්පරේම හෙව්වේ එකම එක රූපයක් විතරයි.. ඒ ටේහිය්‍යොන්ගෙ රූපෙ.. නමුත් ඒ වෙනකොටත් ටේහිය්‍යොන් පැමිණ තිබුනෙ නෑ..

ජන්ග්කූක් වටේ බිත්ති වලට වාරු වෙමින් ඔහු හෙමින් බාත් ටබ් එක ඇතුලෙම හිට ගත්තා.. ඔහුගෙ යන්තම් ඇදුම් දෙන සිරුරත් වෙවුලන කකුල් දෙකේ පිහිටෙන් ටබ් එකෙන් එළියට ආවා.. නමුත්, ඊළඟ තත්පරේ කකුල පැටලිලා වැටෙන්න ගියත් නොසිතූ මොහොතක එතනට පැමිණි දේවදූතයෙක් නිසා කිසිඳු අනතුරක් නොවී ජන්ග්කූක් බේරුනා..

"Baby.. are you okay?"

ඒ වෙන කිසිම කෙනෙක් නෙවෙයි.. ජන්ග්කූක්ගෙ හදවත සොරා ගත්ත කඩවසම් සොර දෙටුවා.. ඔහු පැය දෙකකට පෙර නාන කාමරයෙන් පිටවුනේ නිරුවතින් වුනත්, නැවතත් පැමිණියේ කළු පැහැති ලෙදර් කලිසමකිනුත්, කළු පැහැති කමිසයකිනුත් සැරසිලා..

"ටේහිය්‍යොන් හියොන්ග්..? ඔයා කොහෙද ගියේ?"

- "ඉස්සෙල්ලා ඔය වතුර ටික පිහදාගෙන ඉම්මු නේද? ම්ම්..??

මෙතනින් ඉඳ ගන්න baby.."

ටේහිය්‍යොන්ගෙ වචන ගොඩක් මෘදු ස්වරයක් ගත්තා.. ජන්ග්කූක් ඇහි පිල්ලමක්වත් නොගහා බලාගෙන හිටියෙ තමන්ගෙ ඉස්සරහ ඉන්න ටේහිය්‍යොන් දිහා.. පැය කීපයකට පෙර හිටිය ටේහිය්‍යොන්ට වඩා දැන් ඉන්න ටේහිය්‍යොන්ගෙ ලොකු වෙනසක් ඔහුට දැනුනා..

ජන්ග්කූක්ව පරිස්සමෙන් ටබ් එකේ කෙලවරක ඉන්දුව ටේහිය්‍යොන්, ඔහුගේ මුළු සිරුරෙම තෙත මාත්තු කලා.. තෙත්ව ඇති හිස කෙස් පවා සෙමින් පිහ දැම්ම ටේහිය්‍යොන් නාන කාමරයේ එල්ලා තිබූ සුදු පැහැති බාත් රොබ් එක ජන්ග්කූක්ට ඇන්දෙව්වෙ ඔහුත් ජන්ග්කූක් අසලින් දණ ගහ ගද්දි...

- "Baby.. දැන් කොහොම ද?? හොඳට නින්ද ගියා නේද??"

ROOM NO. 69 | VKOOK 21+ ✔Where stories live. Discover now