මං ලන්ච් රූම් එකේ වාඩි වෙලා හිටියෙ යෙවියා එනකං කෑම කන්න. ඒත් කොහෙද මූ තාම නැ. එක්කො මුට කන්න අමතක වෙලා.... එක්කො ලොකු බරක් නිදහස් කරන්න ගිහින්.
ඔය මොනාහරි කියලා හිත හිත ඉද්දි එකපාරට ම මට මතක් වුනේ අද ඩොක්ටර් කෙවින් කියපු දේ.
' අයිතියක් අපි ගැන එයාලට '
මගෙ මොලේ කුරුවල් වෙලා ඇබරිලා යනවා කොයිවෙලේ හරි ඔය යක්කු දෙන්නා නිසා ඇයි යකො... රට ටැපලෙන ඒවා කිව්ව ම කොම්පියුස් වෙනවනෙ උට්ට....
" මොනා ද බං උබ ඔච්චර කල්පනා කරන්නෙ අහස පොලව ගැටගහන්න වගෙ "
යෙවියා ඇවිල්ලා මගෙ එහා පැත්තෙන් වාඩි වෙනකං ම මං හිටියෙ අරුං දෙන්නගෙ කල්පනාවෙ
" නෑ බං මං මෙ හිතුවෙ අර අද උබෙ ඩොකා කිව්ව දේ ගැන හිත හිත "
" බැරි වෙලාවත් උනුත් අපි වගේ ද බං "
ඔය ඇහුවෙ....
" මං දන්නවද බල්ලො.... ඒත් කියන්නත් බැ ඉතිං "
ඩොක්ටර්ලා දෙන්නගෙ අන්ඩර දෙමළෙ ගැන කතා කරන ගමන් අපි දෙන්නා කෑම එක කන්න ගත්තෙ සීතල වුනා ම කෑම කන්න බැරි ලෙඩක් මට ඒ කාලෙ ඉදංම්ම තියන නිසා. වැඩිය ඕන් නෑ කෑම එක කද්දි ෆෑන් එකත් ඔෆ් කරලා කෑම කන ජාතියෙ පොරක් මං... හී
කාලා බීලා ටැංකි නිදහස් කරලා අපි දෙන්නා සුපුරුදු රාජකාරියට වාර්තා කලේ අරුං දෙන්නා වරම අතට ගන්න කලිං.
________________________
හවස හය අපේ ඕෆ් එක වුනේ අපි තාම ඇවිල්ලා ටික දවසක් වුන නිසා.
වෙනදා වගේ ම යෙවියා උගෙ ගෙවල් පැත්තට ගාටද්දි මං අපෙ ගෙවල් පැත්තට ගෑටුවෙ උගෙ වචන වලට රිප්ලයි එකත් දීලා.
" සෙනුවා ගුන බුස ටීකේ ඩීපී ලව් යූ උම්මා..... "
" සේම් ටූ යූ පොක්ක....."
" අහ් මගෙ හස්බන් ඉන්නො "
ඉස්සරහට යන්න ගියපු යෙවියා ආපහු මගේ පැත්ත හැරිලා කෑ ගැහුවෙ ඉස්සරහ තියන කා වොශ් එකේ අයියව දැකලා. මූ හැමදාම උදේට වැඩට එද්දි ඌ හැමදාම ' ගුම්මෝනින්ග් මල්ලි බබා ' කියනවලු.. ඉතිං මේ පගයා උට හස්බන් කියන ගෞරව නාමෙ දීලා... හැබැයි අර අසරණයා ඕක දන්නැ....
YOU ARE READING
හිතට හොරෙන් 💞 ✔️
Non-FictionBL love story ( Not fan fiction ) වැදගත් වචන නැති නිදහසේ ලියන පිස්සු කතාවක් 😁❤ කියවල ම බලන්න