දහවන දිගහැරුම

1K 152 25
                                    

" මං ඔයාට ආදරෙයි සෙනෙහස් "

" අය්...... අහ්.... අයියෙ "

" මං දන්නැ.... කවද කොහොමද කියලා බං ඒත්.... මං දන්න එකම දේ මං උබට ආදරෙයි සෙනා මහ ගොඩක්.... උබව නොදැක ඉන්න බෑ.... හැමවෙලේ ම උබව මතක් වෙන්නෙ මල්ලි.... ඔයා හිතලා උත්තරයක් දෙන්න හදිස්සියක් නෑ..... "

" ම්ම්... හ්... හරි අයියෙ.... මං හිතලා කියන්නම් "

හේශ් සෙනූට තමන්ගෙ හැගීම ගැන කිව්වහම ඒ පුංචි හිත සතුටින් ඉපිලුනා. හැබැයි, ඔය පොඩි එකා දැංම් ම එයාගෙ හිතේ කැමැත්ත කියයිද, පිස්සුද, පොඩ්ඩක් ගනන් ඉස්සුවෙ නැත්තං ලව් එහෙක වුනත් කිසි ලල් එකක් නැ, සෙනූගෙ තියරියට අනුව.

_හේශ්_

මං මගෙ පොඩි එකාට මගෙ කැමැත්ත කිව්වෙ හිතේ දෙගිඩියාවෙන්. මං බයයි ප්‍රතික්ෂේප වෙන්න. ඒත් එහෙමයි කියලා මේක හිතේ හංගන් ඉන්නත් බැ... ඕනි දෙයක් කියලා මං ඒක සෙනූට කිව්වෙ මගේ හිතට වෙනදට නැති නිදහසක් දැනෙද්දි.

පැය බාගෙකට විතර පස්සෙ අපි දෙන්නා සෙනූගෙ ගේ ගාවින් වාහනෙ නතර කළා.

" අයියෙ අපේ ගෙදරට ගිහිං යං"

" අනේ පස්සෙ මල්ලා.... දැං මං යන්න ඕනි "

" අනේ මොකද්ද අනේ දවසෙම ෆ්‍රී කිව්වනෙ "

" අපෝ යමං යමං.... "

සෙනූ කා එකෙන් බැහැලා මට එන්න ම කියලා කරදර කරපු නිසා මාත් එයත් එක්ක ගෙට ගොඩ වුනා.

හරිම පිළිවෙලයි. ගෙට ගොඩ වෙද්දි ම සෙනූගෙ තාත්තා කියලා හිතන්න පුලුවන් කෙනෙක් සාලෙ වාඩි වෙලා හිටියා. මට දොර ගාව ඉද්දි ම සෙනූ එයා ලගට දුවලා ගියේ මං දොර ගාව නවතිද්දි.

" අප්පච්චි...... මෙ අපෙ හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් "

සෙනූ මාව පෙන්නලා කියද්දි මං බලං හිටියෙ කන්නාඩිය උඩින් මගෙ පැත්තට යොමුවෙලා තියන ඇස් දිහා. මොනාවුනත් මාමණ්ඩි නෙ..... මං මවාගත්ත හිනාවකින් එයාට සංග්‍රහ කලේ පුංචි බයකුත් හිතේ තෙරපෙද්දි.

" අහ්..... එන්න ඩොක්ටර් "

හ්ම්ම්ම්ම්...... පිළිගැනීම නරකම නෑ.....

හිතට හොරෙන් 💞 ✔️Where stories live. Discover now