Thomb-Good Bye

73 13 17
                                    

මෙන්න මෙහෙ එනෝ ඒන්ජල් දැන්වත් පොඩ්ඩක් මුරන්ඩු නොවී ඉන්න බෑ ද


සීතලත් එක්ක ..ඇත්තටම නෑ සීතල දැනිල්ලක් නෙමේ ඒක අපිට අපි නැතුව ඉන්න බැරි කමක් තියෙන්නේ මන් ඒන්ජල්ව මගෙ ලගට ගත්තා සමහරවිට තව ටිකකින් එයා ඇත්තටම ඒන්ජල් කෙනෙක් වෙයි ඔව් මගේ එන්ජල් නේ


'ඔයා මන් එක්ක එහෙ ගිහින් අපි එහෙ ජිවත් වෙමූ මනුස්ස ලෝකේ ඉදන් දිව්‍ය ලෝකේ හෙව්වට දැන් අපිට ඇත්තටම ඒක ලැබෙයි නේද'


"මගේ පිස්සී"

"උබට තවත් මේ කතාව අහන්න ඔනේද උබ නම් කරපු දෙවල් වල හැටියට යන තැනක් හොයාගන්න බැරුව ඇති"

මැරෙන මොහොතේ පසු තැවෙන්න උනු එකට මන් දැනටත් පසුතැවෙනවා ඇත්තටම උබලා දෙන්නගේ ආදරේ පට්ට ලස්සනයි මට සමාවෙයන්



මන් එවෙලේ ඩොක්ටර්ගේ ගෙදරින් එලියට බැහැලා ආවේ වෙච්ච දෙයක්වත් හිතාගන්න බැරුව මොනා උනාද කියන්න මන් දන්නෙ නෑ අම්මාගේ එක කොල් එකකින් මට මාර අසරන කමක් දැනුනා ඩොක්ටර් කියපු දෙවල් පවා මගෙ හිතේ කැරකෙනවා


හොස්පිටල් එක පේන මානෙන් මන් කහ ඉර පනින්න ගියේ


කහ ඉර ලග හිටගත්ත ගමන් මට මහ අමුතු දෙයක් දැනුනා පපුව කවුරුහරි ඇගිලිවලින් හූරනවා වගේ මගේ හදවත කවුරුහරි මගෙන් ගලවලා ගන්න හදනවා වගේ ඇග පුරාම නියපොතු වලින් හිරෙනවා වගේ මුලින් ඒක මාරම වේදනාවක් උනා පස්සේ ටික ටික ඒක මට හුරු හැගීමක් උන හරියට ...එන්ජල්...උබ ඉවසගන්න බැරුව මගේ ඇගේ එල්ලෙන ඒ රැයවන් වගේ.....(සිනහවෙමින්) මෙයාගේ ලැජ්ජාව ..

ඒක තප්පරගාන්කින් උන දෙයක් පස්සේ මන් හිරවෙන හුස්ම අස්සෙන් පාර පැන්නා......

හරියට පාර මැද්දේ ඉන්නකොට මට දැනුනා එන්ජල් උබ තවත් මේ ලොකේ නෑ කියලා...... ඒක හරි හාස්කමක් වගේ දෙයක්..මට තෙරෙන් නෑ කොහොමද කියලා ඒත් මට ඒක දැනුනා ඒ හැගීම කියන්න මට තෙරෙන් නෑ එන්ජල් මගේ හුස්ම මගෙන් ඈත් වෙන්න හදනවා වගේ,,,හදවත තවත් මට ගැහෙන්න බෑ කියල කෑ ගැහනවා වගේ ඒක හරි අමුතුම හැගිමක් එන්ජල්

Ride it or DieWhere stories live. Discover now