4ᴛʜ ᴄʜᴀᴘᴛᴇʀ...♡

211 45 0
                                    

Next Day Morning...

🐰ඇයි හූන්ගි එන්න කිව්වේ??

මියුසික් රූම් එක ඉස්සරහ තියන බෙන්ච් එකේ ඉදගෙන ඉන්න ටේගේ එහාපැත්තෙන් ඉදගන්න ගමන් ජන්කුක් ඇහුවේ වෙනදා මෙච්චර කලින් එයාට මෙතනට අඩගහන්නෙ නැති නිසා.

🐯පොඩි දෙයක් කියන්න තියනවා

🐰මොකද්ද??

ජන්කුක් ඇහුවේ කුතුහලෙන් වගේ.

🐯අප්පා කිව්වා ඔයාට පර්පෝසල් එකක් තියනවා කියලා.ඉතින් ඔයා ඒකට කැමති නැල්ලු!!ඇයි ඒ??

ටේ ඇහුවේ ඈත මුහුද දිහා බලාගෙන.

🐰ම්-මට බෑහ් හූන්ගි දැන්ම මැරි කරන්න.අනික මන් එයාව දන්නෙත් නෑ , දැකලත් නෑ.

ජන්කුක් කිව්වේ ටේගේ අතකින් අල්ලගන්න ගමන්.

🐯ඉතින් ඔයාලට පුලුවන් අදුර ගන්න.අනික කුකී අප්පා කවදාවත් ඔයාට නරකක් කරන්නෑ.ඔයා එයාව මැරි කරන්න.

ටේ කිව්වේ අත් දෙකෙන් එයාගේ කෝට් එක තදකරලා අල්ලගෙන කදුලු පාලනේ කරගන්න ගමන්.

ඒත් එක්කම ටේ දිහා බලාන හරි ලස්සනට හිනාවුන ජන්කුක්,

🐰මන් ගැන කිසිම හැගීමක් නැද්ද හ්‍යුන්ග්?

ටේ ජන්කුක් දිහා බලද්දී ජන්කුක් ලස්සනට හිනාවෙලා ඈත මුහුද දිහා බලාන ඉන්නවා.

ජන්කුක් වගේම ලස්සනට හිනාවුන ටේ,

🐯තියනවා...!!!මගෙ කුකී ගැන ලොකූ හැගීමක් මේ හ්‍යුන්ගේ හිතේ තියනවා...ඒක වචන වලට පෙරලන්න අමාරුයි කුකී.මන් අනාත වෙලා ඉන්න වෙලාවේ මන් කරදරයක් කියලා නොහිතා කුකීගේ අප්පා මාව ගෙදරට ගෙනල්ලා හදාගත්තේ තමන්ගෙම පුතෙක් වගේ.සමහර දවස් වලට අප්පා මට වැඩියෙන් ආදරෙයි කියලා ඔයා අප්පත් එක්ක රන්ඩු වෙනවා.මතකද , එකදවසම් චූටිකාලේ අප්පා හවස වැඩ ඇරිලා එනකොට සාක්කුවේ දාන ආව එක චූටි චොකලට් එකක් මට විතරක් දුන්නා කියලා ඔයා ඒ චොකලට් එක උදුරන් ගිහින් කොමඩ් එකට දැම්මා??

ටේ කියද්දී ජන්කුක්ටත් හිනාගියේ එයාලගේ දග වැඩ මතක් වෙලා.

ඉස්සර මන් මගේ ඔම්මත් එක්ක රණ්ඩු කරනවා මට මල්ලි බබෙක් ගෙනත් දෙන්න කියලා සෙල්ලම් කරන්න.ඒත් , මට ලස්සන , හුරතල් බනී බබෙක් හම්බුනා.මගේ චූටි මල්ලියා.මේ හ්‍යුන්ගේ හිතේ පිරිලා තියන එකම ලස්සන හැගීම.ඒක තමයි ඔයා මගේ එකම සහෝදරයා කියන ලස්සන හැගීම.මගේ චූටි කුකී.මන් ආසයි ඔයා මැරි කරලා සතුටින් ජීවත් වෙනවා බලන්න.ඒ හින්දා මැණික එයාව මැරි කරන්න ම්ම්??

The Silent~||TK|| ✔Where stories live. Discover now