Chapter 12 ❤️

1.5K 276 43
                                    

ජීසූගේ සිද්ධිය වෙලා සතියක් ගත වෙලා ගියත් කිසිදෙයක් හොයාගන්න හම්බුනේ නැ ජීසූට වෙඩි තියන්න හදපු එකා අල්ලගත්තාත් ප්‍රශ්න කිරීම් අතරතුර මිය ගියා ටේහ්‍යුන් තමයි ඒ මනුස්සයාගෙන් ප්‍රශ්න කිරීම් කලේ ටේහ්‍යුන්ගේ දරුනු වද හිංසා නිසා ඒ මනුස්සයා මැරුනා

ජීසූට වුනු දේවල් එක්ක තවත් නීති රීති වැටුනු එක තමයි සිද්ධ වුනේ කෙල්ල නම් ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැ මොකද ජීසූගේ hobby එක වුනේ නිති කඩන එක කොච්චර මොන දේ වුනත් ජීසූව වෙනස් කරන්න කාටවත් බැරි වුනා

ජනාධිපතිතුමා blue house එකේ නැ කියලා දැනගත්ත ජීසූ හිමින් සැරේ රූම් එකෙන් එලියට ඔලුව දාලා වටපිටාව නිරීක්ෂණය කරනකොට එයාගේ ඉදිරියේ පර්වතයක් එකපාරට මතු වුනා

" කවුද යකෝ මගේ මාර්ගය අවහිර කරන ඊජිප්තු පුල්ලි හිපාටුවා "

ජීසූ එහෙම කියන ගමන් උඩ බැලුවා කෙල්ල දැක්කේ තමන්ව උදෑසන ආහාරයට ගන්න වගේ බලාගෙන ඉන්න කොටියෙක්ව ජීසූ දත් තිස් දෙකම නියවලා අහිංසක හිනාවක් පෑවේ එයා තමයි මේ ලෝකේ ඉන්න අහිංසකම දැරිවිය කියන්න වගේ ඒත් එයා දිහා බලාගෙන ඉදපු කොටියාගේ බැල්ම නම් පොඩ්ඩක්වත් වෙනස් වුනේ නැ

" ටේටේ..."

" කොහෙද තමුසේ හොර පූසි වගේ මාරු වෙන්න හදන්නේ "

ටේහ්‍යුන් රවාගෙන ඇහුවා ජීසූ කෙලින් වෙලා හුරතල් මූනක් මවාගත්තා

" ටේටේ අහන්නකෝ.."

" මට අහන්න වුවමනාවක් නැ "

" ඒ වුනාට මට කියන්න ඕන "

" මට අහන්න ඕන නැ "

" මට කියන්න ඕන "

" අහන්න ඕන නැ "

" යාහ්හ් කිම් ටේහ්‍යුන් මම කියන දේ අහපන් "

ජීසූ එකපාරට කෑගැහුවේ ටේහ්‍යුන් එයා කියන දේවල් අහන්න ලෑස්ති නැ කියලා තේරුනු නිසා අනික ජීසූට තරහ ගියා ටේහ්‍යුන් කෙල්ල කෑගැහුව නිසා කොල්ලා පොඩ්ඩක් ගැස්සුනා එකපාරට බෙල්ල කෑවා වගේ කෑගැහුවාම ටේහ්‍යුන් ගැස්සුනු එක සාධාරණයි

" හරි දැන් කියනවා "

" ආන් ඒ බය තියාගන්නවා "

♡︎President'S Daughter♡︎||KTH||✅Where stories live. Discover now