Chapter 34 🥀

1.4K 289 45
                                    

ටේහ්‍යුන්ගේ උනුසුමට තුරුල් වෙලා නිදාගෙන හිටපු ජීසූ ඇහැරුනේ කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහිලා ටේහ්‍යුන් හොදටම නිදි කෙල්ල නැගිටලා ටේහ්‍යුන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා

ටේහ්‍යුන්ගේ උනුසුමට තුරුල් වෙලා නිදාගෙන හිටපු ජීසූ ඇහැරුනේ කවුරුහරි දොරට තට්ටු කරනවා ඇහිලා ටේහ්‍යුන් හොදටම නිදි කෙල්ල නැගිටලා ටේහ්‍යුන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


" ජීසූ මිස්....දොර අරින්න.."

මිස් චෝයිගේ කටහඬ ඇහෙනකොට ජීසූ ගැස්සිලා ගියා හදිස්සියේවත් මිස් චෝයි ඇතුලට ඇවිත් ටේහ්‍යුන්ව දැක්කොත් කියලා කෙල්ල බය වුනා

" අහ්...මිස් චෝයි මම ඇහැරිලා ඉන්නේ...ඔයා යන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්.."

" හරි මිස්...ඉක්මනට එන්න සර් බලාගෙන ඉන්නවා "

මිස් චෝයි එතැනින් ගියා කියලා තේරුනාම ජීසූ හුස්මක් පහත දැම්මේ

" යාහ්හ්හ්...වලස් තඩියෝ නැගිටිනවා උදේ වෙලා මෝඩයෝ නැගිටිනවකො.."

ජීසූ කොල්ලාව හොලවන ගමන් කතා කලත් ටේහ්‍යුන් නම් හොදටම නිදි

" මහ ලොකු බොඩිගාඩ් මාව උස්සගෙන ගියත් ඔච්චර තමයි"

" තමුසෙව උස්සගෙන යන එකා පැයක් යන්න ආපහු මට ගෙනත් භාර දෙන හින්දා බය වෙන්න ඕන නැ "

ටේහ්‍යුන් ඇස් පියාගෙනම එහෙම කිව්වාම ජීසූ ඇස් හීනි කරගෙන කොල්ලා දිහා බැලුවා

" මොකද්ද කිව්වේ....? ආපහු කියනවා බලන්න "

" තමුසෙව කවුරුහරි උස්සගෙන ගියත් පැයක් යන්න කලින් ආපහු මට ගෙනත් භාර දෙනවා ඔය ටින් බෙලෙක්ක කට ඇරපු ඔක්කොම ඉවරයි "

" තමුසේ මොකද්ද කියන්නේ...? තමුසේ පෘතුගාල බූරු වලස් කොටියා ක්‍රේඒෂියානු ගැඩිවිලා හොට දිග වලි කුකුලා "

ජීසූ අත මිට මොලවාගෙන කොල්ලාගේ පපුවට ගැහුවා ඒ ගහපු පාරවල් එකක්වත් කොල්ලාට රිදුනේ නැ කෙල්ලගේ අත් දෙක අල්ලගත්ත ටේහ්‍යුන් පොඩ්ඩක් ඉස්සිලා ජීසූගේ තොල් වලට පෙක් එකක් දුන්නා

♡︎President'S Daughter♡︎||KTH||✅Tempat cerita menjadi hidup. Temukan sekarang