[ ✎ 06 ]

379 146 24
                                    

පහුවෙනිදා මිනී ගෙදර යනවා කිව්වා.ඔව් ඉතිං එයාගෙ අම්මලාට වුන දේ කිව්වට පස්සෙ එයාලාත් බය වෙනවනෙ.ඉතිං එයා එදාම ගියා.

මිනී නැතිව ගෙදරම පාළුයි වගේ.එයා අපේ ගෙදර හිටියෙ අපේම පවුලෙ කෙනෙක් වගේ.ඔම්මායි අප්පයිත් මිනීට හරිම ආදරෙයි.මට වගේම එයාට ඕනි ඒවත් ඔම්මා ගෙනත් දුන්නා.

"මේක මගෙ මිනී බබාට.මේක කුකීට.."

"යාහ් ඔම්මා මිනීගෙ චොක්ලට් එක ලොකුයි.."

මං කෑ ගහනවා වගේ මට මතකයි.ඒත් මිනී චොක්ලට් එකම බදාගෙන කටවටෙත් ගාගෙන කන හැටි දකින්න මං ආසයි.

"බොරු කියන්න එපා කූ.ඔයගෙ එක තරම්මයි මිනීගෙ එක.." අප්පා මගෙ කොණ්ඩෙ අවුල් කලා මට මතකයි.ඔව් ඒවා වෙලා ගොඩක් කල් වගේ මතක.

මගේ ඔම්මාටයි අප්පටයි හිටියෙ මං විතරයි.එයාලා දෙන්නම ප්‍රොෆෙසර්ලා.මානසික වෙෙද්‍යවරු දෙන්නෙක්.එයාලාට මං හිටියද කියලා ගාණන් නෑ වෙලාවකට.එයාලාගෙ පර්යේෂණ විතරයි වැදගත් එයාලාට...

ඉතිං මිනී ගිය එක ගැන මට හරිම පාළුයි.සතියක් ගියා ඒත් එයා ආවෙ නෑ.මට ගිහින් එයාව එක්ක

ඒත් එක දවසක් හදිස්සියෙම......

"හෙලෝ..කවුද මේ?.."

උදේ පාන්දර ආපු කෝල් එකකට මං උඩ ගිහින් ඇහැරුනා.

"කුකී...මේ‍..ජන්කුකී නේද..මං ජිමින්......ප්..ලීස් කුකී මාව...බේර..ගන්න..."එක පාරට කෙනෙක් හුස්ම ඉහළට ඇද ඇද කතා කළාම මාත් හොල්මන් වුනා.

ඒත් ඒ ජිමින්ද? ඒ මගෙ ජිමින්ද?

"ජිමින්.. මේ ඔයාද...ජිමිනි..කතා කරන්න.මිනී...."මං කෑ ගැහුවා.

"ඔව්..කූ.....මාව... මාව..."එක පාරට ෆෝන් එක කට් වුනා.

මං ආයේ ඒ නම්බර් එකට ගන්න හැදුවත් ඒක වැඩ කලේ නෑ.වුන දේ හීනයක්ද....?

"ඔම්මා..ඔම්මා..."මං ඔම්මලාගෙ කාමරේ දොරට ගහන ගමන් කෑ ගැහුවා.

ඔම්මලා තාම ගෙදර ඇවිත් නෑ වගේ...මං දැන් මොකද්ද කරන්නෙ..?

මං ඉක්මනට ඔම්මට කෝල් එකක් ගත්තා..

"ඔම්මා..ඔම්මා අහන්නකො.ජිමින් කතා කළා..එයාට මොකක් හරි කරදරයක් වගේ...බේර ගන්න කියලා කෑ ගැහුවා.."මං කියවන් ගියෙ හුස්මවත් ගන්නෙ නැතුව.

"මොකක්..?මේ කුකී..පොඩ්ඩක් හුස්ම අරන් හෙමීට කියන්නකො මොකද්ද වුනේ කියලා..."ඔම්මා කිව්වා.

"අනේ ඔම්මා..මිනීට කරදරයක් වගේ...."මගෙ ඇස් වලින් කඳුළු ගලනවා.

"මොන මිනීද ..?කවුද මිනී කියන්නෙ..?"





_____________________




●ඇත්තටම කවුද අප්පා මිනී කියන්නෙ? මට මතක නෑනෙ..? 🤔

ℍ𝕚𝕕𝕖 𝔸𝕟𝕕 𝕊𝕖𝕖𝕜 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now