[ ✎ 18 ]

366 143 7
                                    

JIMIN POV.
________________________

මට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වුනා ටේහියුන්ග්ගෙ කතාවෙන්.එයාලා කරන්නෙ පරීක්ෂණයක්.ඒත් ඒක නොහිතුව විදිහට ජන්කුක් ජිමින්ට ආදරේ කරන්න අරන්..!

"මටත් හිතෙනවා මේක වැඩී කියලා.අපි ජිමින්ව දැන් ඩීඇක්ටිවේට් කරමු. වෙන කරන්න දෙයක් නෑ.." මැදි වයස් පිරිමි කෙනා කියද්දි ගැහැණු කෙනා ඒකට විරුද්ධ වුනා.

"බැහැ එකපාරටම බැහැ.මතකනේ ෂන් වෝගෙ එකේ එකපාරටම අපි අයින් කරන්න හදලා වුන දේ? අපි ඒ චරිතෙ මරලා දාමු! "

"මොකක්?! "

ටේහියුන්ග් වගේම ඒ පිරිමි කෙනත් එයා දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා..

"මං කියන්නෙ ජිමින්ව. එයා ඇක්සිඩන්ට් වුනා හරි මොකක් හරි කියලා මැරුණා කියමු.එතකොට හැමදේම ස්වභාවිකයිනෙ.. එයා කාලයක් යද්දි හිත හදා ගනී.."

එයාලා කතා වුනා.එතකොට ඒකද වෙන්නෙ? ඉන්න එතකොට මට මොකද්ද වෙන්නෙ?

මට ආයෙමත් ජන්කුකී නැති වෙයි.ජිමින් මැරුණා කියලා මට ආයෙ එයා ඉස්සරහට යන්න බැරි වෙයි.මං හොල්මනක් කියලා කොල්ලා හිතයි..

ජිමින් විදිහට ජන්කුක්ගෙ හිතේ ඉන්න මනෝ රූපෙ මං වගේම ඇතිද?

"එහෙනම් මෙහෙමයි වෙන්නෙ.. එයා දැන් ලයිබ්‍රි ගියාම කියන්න කිම් ටේහියුන්ගෙ කා එකට ජිමින් ඇක්සිඩන්ට් වුනා කියලා...................
................."

එයාලා දිගටම ප්ලෑන් එක කතා වුනා.මාත් අහන් හිටියා..

එයාලා ඉන්නෙ ඇක්සිඩන්ට් එකෙන් ජිමින් මැරුණා කියන්න..

නැහ් ජිමින් තාම ඉන්නවා...!!!

මං ඇත්තටම ටේහියුන්ග්ගෙ කා එක ඉස්සරහට පැන්නා...!

හොඳයි ඒක මොළේ නැති වැඩක්. ඒත් බලන්න ඒකෙන් දේවල් දෙකක් වෙනවා.එක මං ජන්කුක්ගෙ ජීවිතේට මනෝ විකාරයක් විදිහට නෙවෙයි ඇත්තටම එනවා.දෙක එයා කවදාවත්ම දැන ගන්න එකක් නෑ එයා දැක්ක ජිමින් මනෝ විකාරයක් කියලා. එයා පිස්සෙක් විදිහට මෙච්චර කල් තනියම හැසිරුණේ කියලා එයා දැන ගන්නෙ නෑ...

ටේහියුන්ග් මාව හොස්පිට්ල් අරන් ගියා..

"ඔයාගෙ නම මොකද්ද? ඔයා හොඳින්ද? ඇත්තටම ඔයා ඇයි කාර් එක ඉස්සරහට පැන්නෙ? "

එයා මගෙන් ඇහුවෙ ඩොක්ටර්ස්ලා මාව බැලුවට පස්සෙ. ඒක එච්චර ලොකු ඇක්සිඩන්ට් එකක් නෙවෙයි.රහස් පරීක්ෂකයෙක් විදිහට මට ඕකගෙ අනතුරුදායක වැඩ හොඳට පුළුවන්.

"මං පාර්ක් ජිමින්...! ඇත්තටම මං හොඳින්...." මං කට කොණින් හිනා වෙලා කිව්වත් ටේගෙ ඇස් ලොකු වුනා.

"මොකක්? කවුරු! "

ℍ𝕚𝕕𝕖 𝔸𝕟𝕕 𝕊𝕖𝕖𝕜 [▪︎COMPLETED▪︎]Where stories live. Discover now