- ᑕᕼᗩᑭTEᖇ 02-

726 200 109
                                    


I was 19 in a white dress ~
When you told me i'm your princess ~

🎶 🎶🎶

පැස්ටල් වර්ණ වලින් මෘදු පැහැයෙන් හා සුදු පැහැ තිර රෙදි වලින් හැඩගැන්වී තිබූ කාමරයේ කෙලවරක තිබූ කුඩා කැසට් ප්ලේයරයෙන් නිකුත් වුනු ගීතයේ  තාලයට අත්වැල් අල්ලමින් බාතෲම් එකෙන් පිටතට හෙමිහිට අඩිය තියමින් ආව එයාගේ මී පැණි පාට එකදු කැලලකින් තොරවූ බැලූ බැල්මටම ඉතා සිනිදු දෙපා දිගේ වතුර බිංදු ගලාගෙන ගියා. තෙත් වුනු නිසාම කූරු වෙලා ඇස් දෙක වැහෙන්න තිබුනු කලු කොන්ඩේ අතරින් පෙනුනේ කෙනෙක්ට කාලෙකින් දකින්න පුලුවන් ආකර්ශනීයම වගේම ආඩම්බරය පිරුණු ඇස් දෙකක්.

සීත වතුරේ තෙත් ගතිය නිසාම තවත් දිලිසෙන, ඒ වතුරේ සීතල නිසාම තවත් රත් පැහැ වුනු පිරුනු තොල් දෙක, එයාගේ දත් අතරට හිරවෙලා. බාත් රොබ් එකේ පටිය ටිකක් බුරුල් හින්දමදෝ ඒක උරහිස් වලින් පහලට කඩන් වැටිලා. තෙත් කොන්ඩෙන් බේරිලා ආවා වතුර බිංදුවක් නිකට දිගේ ගිහින් එයාගේ කොලර්බෝන්ස් උඩට වැටුනේ එයාගේ මූනට හිනාවක් ගේන ගමන්. වතුර බින්දුව හරි පරිස්ස්මට එයාගේ කොලර්බෝන්ස් මත රැදිලා නතර වෙද්දී ඒ සිහින් දිගු ඇගිලි තුඩු කොලර්බෝන්ස් මත රැදි ජල බිදුව පරිස්සමට වියළුවා.

කොටින්ම කිව්වොත් එයා ඉටි රූපයක්. නැත්නම් දෙවියන්ට හදිසිය නිසා වැරදීමෙන් පොළවට එව්ව දේව දූතයෙක්. එහෙමත් නැත්නම් ග්‍රීක ප්‍රතිමාවක්. සරලව කිව්වොත් එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරිපූර්ණ ලස්සන කියන දේට දෙන්න පුලුවන් එකම උදාහරණය වුනා.

Was your good girl, so I'd sit tight
And if I don't speak, then we can't fight
Looked in the mirror, now I can't believe

තෙත පිටින්ම makeup vanity එක ඉස්සරහ තිබුනු චූටි ස්ටූල් එක උඩ වාඩි වුනු එයා මිරර් එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියේ ඇස්පිය හෙලන්නේ නැතුව.

තෙත පිටින්ම makeup vanity එක ඉස්සරහ තිබුනු චූටි ස්ටූල් එක උඩ වාඩි වුනු එයා මිරර් එකෙන් පේන තමන්ගේ ප්‍රතිබිම්බය දිහා බලාගෙන හිටියේ ඇස්පිය හෙලන්නේ නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ℂℝ𝕀𝕄𝕀ℕ𝔸𝕃 || ᴛᴋ [ Thriller Au]Where stories live. Discover now