- ᑕᕼᗩᑭTEᖇ 03 -

648 177 113
                                    


" කොහෙද යන පිස්සෙක්නේ ! මූඩ් එකම කෑවා ශිට් "

Sunjae තනියම මුමුනගන්න ගමන් කාර් එකට නගිද්දී taehyung කාර් එකේ වින්ඩෝ එකෙන් එළිය බැලුවා. Taehyungගේ ඇස් දෙක වේගයෙන් වගේම ඉතා සුපරික්ෂාකාරී විදිහට අදුර අතරින් එහෙ මෙහෙ ගියා. එයාට ඕන වුනේ තවත් එක් වරක් හරි අර කඩවසම් රූපෙ දකින්න. පැසෙන්ජර් ශීට් දෙක අතරින් තියෙන හිඩැසෙන් පේන පාර දිහා බලාගෙන අමුත්තා හොයන්න වෑයම් කරපු taehyungගේ මූනට අදුර දෙබෑකරගෙන එල්ල වුනේ ඩුකාටි එකක හෙඩ් ලයිට් එකක එලියක්.

" මොකක්ද යකෝ ඔය කරන්නේ. වහපන් ඕක හු#&%"

Sunjae ගේ කටහඩේ තිබුනේ කේන්තියක්. ඒත් ඒක taehyungගේ මූනට ලයිට් එලිය වැදුනු හින්දා ඇතිවුනු එකක්නම් නෙවෙයි. අනපේක්ෂිත විදිහට කාර් එක එලිය වෙලා යද්දී සාමාකාමි බවට බාධා උන හින්දා හරි, එහෙමත් නැත්නම් ඒක taehyung ට කනේ පාර දෙන්න බැරි වුනු හිත් වේදනාවේ අප්ග්‍රේඩ් එකක් වෙන්නත් පුලුවන්.

Sunjae කෑ ගහනවා ඇහුනු බයික් කාරයා කෙලින්ම කාර් එක දිහාවට ඉලක්ක වෙලා තිබුනු බයික් එකේ හෙඩ් ලයිට් එක අහකට හරව ගත්තා.

" සොරි වෙන්න ඕන ලොක්කා. කොන්ජම් කොන්ජම් මිස්ටේක් එකක් "

හස්කි වොයිස් එකක් කින්ඩියට වගේ කියද්දී පළවෙනි පාරට ඇහුනු අමුත්තගේ කටහඩ නිසා taehyungගේ ඇගේ හිරිගඩු පිපුනා.

" අපි යමු.."

මේ වෙනකොට ආයෙත් කාර් එකට නැගල හිටිය ගාඩ්ල දෙන්නට sungjae නොඉවසිලිමත් විදිහට කියද්දී , ස්ටාට් එකේ තිබුනු ඩුකාටි එක වේගෙන් එක එල්ලයේම කාර් එක දිහාවට එන්න ගත්තේ taehyung වත් පුදුම කරවමින්. කාර් එකේ හැප්පෙන්න ඔන්න මෙන්න වගේ ලගට ආව බයික් එක නිසා ඇතුලෙ හිටිය sungjae ලතෝනි තිව්වා වගේම ඒක ඇහුනා වගේ ඩුකාටි එක සයිඩ් කපලා කාර් එක පහු කරලා යන්න ගියේ ඇහි පිල්ලම් ගහන කාලයක් ඇතුලතයි.

" වට් ද ෆක් ! "

Sungjae ගේ කටහඩින් taehyungගේ කන් දෙක දෙදරලා ගියා.

.

.

.

.

තවත් පැය භාගයක් විතර ගතවෙද්දී taehyung ව රැගත් sungjae ගේ මෝටර් රථය ඔවුන්ගේ ගමනාන්තය වෙත ආවා.
ඉතාමත් ධනවත් වගේම සුරලෝකයක් බදු පෙනුමක් ගත් තනි සුදු ආලේපිත විශාලා මන්දිරය ඉදිරිපස නතර වූ කාර් එකෙන් එළියට බැස්ස Sungjae , taehyungගේ පැත්තෙන් කාර් එකේ දොර ඇරියේ එයාට එලියට එන්න අතක් දිගු කරන ගමන්.

ℂℝ𝕀𝕄𝕀ℕ𝔸𝕃 || ᴛᴋ [ Thriller Au]Where stories live. Discover now