part 01

24 10 21
                                    

🐰 : අප්පා..!! කවද්ද මේවගේ ඉවරයක් තියෙන්නේ. මං අවුරුදු ගානක් ඉවසුවා ඒත් තවනම් බෑ.කවද්ද මේ ණය ඔයා ගෙවලා ඉවරයක් කරන්නේ.මේ එන මිනිස්සුන්ගෙන් ගුටි කාලා මට හොදටම ඇති වෙලා. මදිවට අර මිනිහා මාව අල්ලපු විදිහ දැක්කද? ජිවිතේට මනුස්සයෙක් දැකලා නෑ වගේ ජරා මිනිහා මාව අල්ලපු විදිහ දැක්කද අප්පා..!! ඔයා මේවා බලන් කොහමද ඉන්නේ.!!

කම්මුල් දිගේ රූටා වැටෙන කදුලු පිටි අත්ලෙන් පිහදා ගත් ජංකුක් ඔහුගේ පියා වූ මිස්ටර් ඩොන්ග්ට මහ හයියෙන් කෑ ගසන්නට වූයේ සුලු මොහතකට පෙර ණය ඉල්ලා තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගැසුවන්ගෙන් වයස අවුරුදු 30ක පමණ අයෙක් ජංකුක්ව අනවශ්‍ය ලෙස අතගෑම නිසා ඇති වූ කේන්තියෙනි.

ජංකුක්ට අවුරුදු 14ක් වන විට ඔහුගේ මව නැති විය. එදා පටන් සෑම දිනකම වගේ මෙලෙස මිනිස්සු ඇවිත් තමන්ගේ නිවස ඉදිරිපිට කෑ ගසන්නට විය.මුල දී එය ජංකුක්ට නුහුරු වූ නමුත් කාලයත් සමග එයට ජංකුක් හුරු විය.ජංකුක් ඔවුන් දුටු පසු අප්පා නැවත අලුත් තැනකින් ණය අරන් ඇති බව සිතූවේ ඒ පැමිණි පිරිස මින් පෙර පැමිණ නැති නිසාවෙනි. නමුත් ඒ ආ අයගෙන් එක් අයෙක් ජංකුක්ව අනවශ්‍ය ලෙස අත ගාන්නට විය.ඒ නිසා ඇති වූ කේන්තියෙන් ජංකුක් අප්පාට කෑ ගසන්නට විය .

👨: ජංකූක්..!!

චටාං👋💥

🐰: අප්පා..!

එකවර ඔහුගේ කම්මුලට වැදුන දැඩි පහර නිසා වෙන් ජංකුක් ඔහුගේ අත කම්මුල මත තියා ගත්තේ දැනුන වේදනාව නිසාවෙනි. එහෙම්ම වේලුන කදුලු නැවත අලුත් වූ නිසා බොද වූ දෑසින් අප්පා දෙස බලා සිටි ජංකුක්ට කියන්නට හැකි වූයේ එපමණකි. අවුරුදු 23 වෙන ජංකුක්ට ජීවිතේ පළවෙනි පාරට තම පියා අත එස විය. ඒකත් ඔහුට වූ අසාධාරණය ගැන කීම නිසා ජංකුක්ගේ හිතේ තම පියා ගැන කළකිරීමක් පමණක් ඉතුරු කරමිනි.

You've reached the end of published parts.

⏰ Last updated: Nov 03, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

No More Dark DreamsWhere stories live. Discover now