03

79 19 0
                                    

"මේරි.... බෙ-බෙක් අරහේ"
මැච් එක ඉවර කරලා මහන්සියට පැත්තක ඉදගෙන හිටපු මේරි ගාවට දුවන් ආපු ලමයෙක් හුස්ම අල්ල අල්ල කෑ ගැහුවා.

"බෙක්ට මොකද?මොකද වුනේ කියනවා" දුවගෙන ආපු ලමයට කෑ ගහපු මේරි ඉක්මනටම ඉදගෙන හිටිය තැනින් නැගිට්ටා.

"එයා- එයා රණ්ඩු වෙනවා පිරිමි ලමයි වගයක් එක්ක" මේරි මහන්සියත් පැත්තක තියලා කලින් දුවන් ආපු ලමයා දුවපු පැත්තටම දුවගෙන ගියා.

මේරි යනකොටත් බෙක් පිරිමි ලමයෙක්ට බිම දාගෙන ගහනවා. එතනට ගියපු මේරි බෙක්ගේ ටී ෂර්ට් එකෙන් ඇදලා අහකට කලත් බෙක් මේරිගේ අතත් ගසලා දාලා ආයෙමත් අර පිරිමි ලමයට ගහන්න ගියා.

මේරිට හොදටම කේන්ති ගියා. මේරි ආයෙමත් බෙක්ගේ ටී ෂර්ට් එකෙන් ඇදලා, අත දිග ඇරලා බෙක්ගේ කම්මුලට හොද පාරක් හයියෙන් ගැහුවා.

බෙක් වැදුන පාරේ සැරට ටිකක් විසික් වුනත් මේරි එයාව තදින් අල්ලගෙන හිටිය නිසා වැටුනේ නෑ.

"පිස්සෙක් වගේ හැසිරෙන එක නතර කරනවා ඉසබෙල්. තමුසෙගේ විකාර මට දැන් ඇති වෙලා" මහ සද්දෙන් කෑ ගහපු මේරි බෙක්ගේ අතකින් තවත් තදින් අල්ලගත්තා.

ඊලගට මේරි හැරුනේ ගුටි කාලා හිටපු පිරිමි ලමයි දෙන්නා දිහාවට.

"ඇත්තටම මට සමාවෙන්න වුන දේට" මේරි බොහොම පහත් කටහඩකින් සමාව ඉල්ලුවම පිරිමි ලමයි දෙන්නා ඔලුව විතරක් වනලා ඉක්මනටම එතනින් ගියේ බෙක් ගහපු පාරවල්වල සැරටමයි.

එතනින් එහාට මුකුත්ම නොකියපු මේරි බෙක්ව ඇදගෙන ගියේ ඉස්කෝලෙන් එලියේ එයාගේ බයික් එක නවත්තලා තිබ්බ තැනට.

"නගිනවා" මේරිගේ කටහඩ හුගක් ගැඹුරු වෙලා තිබ්බා.

"මට මං ගැන බලාගන්න පුළුවන්. ඒක නිසා පැත්තකට වෙලා ඉන්නවා. අනික මම අනිත් ගෑනු වගේ දුර්වලයෙක් නෙවෙයි. තමුන් මගේ දේවල්වලට ඇගිලි නොගහා ඉන්නවා" බෙක් කේන්තියටම කෑ ගැහුවේ මීට ටිකකට කලින් මේරි අතට දුන්න හෙල්මට් එකත් පොලොවේ ගහලා.

මේරි හොද හුස්මක් ගත්තා. අඩියක් ඉස්සරහට තිබ්බ මේරි බෙක්ගේ කට දෙපැත්තෙන් තද කරලා අල්ලගත්තා.

"මට තමුසෙට මැරෙන්න තරම් ආදරය කරන්න පුළුවන් වගේම තමුසේ මේ විදිහට විකාර කරන වෙලාවට තමුසෙව මරන්න වුනත්  පුළුවන් කියලා උබ හොදාකාරවම දන්නවා බෙක්. ඒක නිසා මගේ යක්ෂයා අවුස්සන්නේ නැතුව නැගපං බයික් එකට" මේරිගේ අත් දෙක උඩිනුත් බෙක්ගේ කදුළු ගලමින් තිබ්බා.

මුකුත්ම නොකියපු බෙක් හෙල්මට් එක ආයෙමත් අතට අරගෙන දාගෙන බයික් එකට නැග්ගා.

                                <>

මේරි කියන දේ ඇහුවනම් මේ මුකුත්ම නෑනේ :) අද ඔක්කොම දෙන්න හිතෙනවා. ඔක්කොම කිව්වට තව කොටස් දෙකයි ඉතුරු :)

ලාවියෝ ❤

GIRLIE [gl short story] √Where stories live. Discover now