05

100 20 10
                                    

හරියටම මාස දෙකක නිවාඩුවකට පස්සේ බෙක් ආහ්හ් නෑ මට වැරදුනා. ඉසබෙල්! ඉස්කෝලෙට යනවා. ඉසබෙල්ගේ කොණ්ඩේ උරහිසෙන් ටිකක් පහලට වැවිලා තිබ්බා. ඉසබෙල් ඒ චූටි කොණ්ඩේ දෙපැත්තෙන් ලස්සන කොණ්ඩ කටු දෙකක් ගහලා තිබ්බා.

ඉසබෙල් රැලි සායකුයි, ලස්සන ටොප් එකකුයි ඇදලා හිටියා. එයාගේ චූටි කකුල් දෙකට සිනිදු සපත්තු දෙකක් දාලා තිබ්බා. එයා ආසම විදිහ!

ඉස්කෝලේ ලමයි හැමෝම ඉසබෙල් දිහා බලාගෙන හිටියා. මීට කලින් ලොකු ඇදුම්වලින් නොදැකපු බෙක්ගේ ඇගේ හැඩ එයාලා දැන් ඉසබෙල් තුලින් දැක්කා. හැබැයි ඉසබෙල්ගේ ඇටිටිව්ඩ් එක කොල්ලෙක්ටත් වඩා හයියට තිබුනා කියලා මට විශ්වාසයි.

එයා දැනන් හිටියා එයා ගෑනු ලමයෙක් වගේ හැසිරෙන එකෙන් එයාට එයා වෙනුවෙන්ම නැගිටින්න බෑ කියන එක කියවෙන්නේ නෑ කියලා. තමන් තමන්ම වෙන්න කවදාකවත් බය වෙන්න ඕන නෑ.

ඉසබෙල් ඇවිදගෙන යනකොට දැක්කා ටිකක් ඈතින් මේරි හිටගෙන ඉන්නවා. මේරි ගල් වෙලා වගේ හිටියේ. ඒ තරමටම ඉසබෙල් අද ලස්සනයි. චූටි බෝනික්කියෙක්.

ඉසබෙල් අන්තිමටම මේරිව දැක්කේ මීට මාස දෙකකට කලින් එයාලා රණ්ඩු වුන දවසේ. එදා ඉදන් ටික කාලයක් ඉසබෙල් තමන් වෙනුවෙන්ම ගත කරන්න තීරණය කලා. තමන්ට මග ඇරුන ඇත්තම ඉසබෙල්ව ආයෙමත් එලියට ගන්න එයාට ටික කාලයක් ඕන වුනා.

ඉසබෙල් මේරි ගාවටම ඇවිදගෙන ගියා.

"මම දැනන් හිටියා ඇත්තම ඔයා එලියට එන දවසට කාටවත් ඔයාගෙන් ඇස් අහකට ගන්න බැරි වෙයි කියලා" මේරි ඉසබෙල්ගේ නලලට දිග හාදුවක් දෙන ගමන් මිමිනුවා.

<>

ඉවරායි... මම කිව්වත් වගේ විකාර වගේ ඇති. ඒත් මට කියන්න ඕන වුනේ කවමදාකවත් තමන් තමන්ම වෙන්න බය වෙන්න එපා කියන්න. බය නැතුවම ඇත්තම ඔයාම වෙන්න :)

තේරුනේ නැතුව ඇති කමක් නෑ. හිතෙන දේ දාගෙන යන්න :) ❤

GIRLIE [gl short story] √Where stories live. Discover now