Ep 4 🚫

3K 498 108
                                    

Don't Say NO❗️

Ep 4



තත්පර ගානක්... නෑ විනාඩි ගානක්.. මං දන්නෑ කොච්චර වෙලාවක්ද කියලා.. මං කකුල් ගස ගසා ගැලවෙන්න දැගලුවා.. වතුරෙන් නෑවිලා හිටපු මට සීතල දැනුනත් දෙතොල් වලට දැනෙන උණුසුම එක්ක ඒ සීතල අඩු වෙලා ගියා...

" ම්හුක්ක්ක්...... "

ඒත් මං දිගටම හැදුවේ ගැලවෙන්න... අමාරුවෙන් කෙදිරි ගෑවත් මාව තදකරලා අල්ලන් හිටපු යුගාරගෙන් මට ගැලවීමක් තිබ්බේ නෑ... යකෝ මූ මොකක්ද මේ කරන්නේ.. මාව මෙහෙම කිස් කරන්නෙ කොහොමද... මොන අසම්මතයක්ද මේ ?

මුගෙ කොල්ලයි මගෙ ගෑණියි එකට මැරුනා කියලා මූ මගෙන් මේ පලිගන්නවද මගෙ තොල් හප හප... අනික මං ඌ වගේ පිරිමින්ට කැමති එකෙක් නෙවේ.. ඌ ඒක හොදටම දැන දැන මොන ලබ්බක්ද මේ කරන්නේ...


" අ..ආත්... අතා..රින..වා......... අතෑ..රප...න්    ය....කො.... "


අත්දෙක දඩු අඩුවකට අහුවෙලා වගේ තියෙද්දි මට හෙල්ලෙන්න බැරි උනා. මොකද යුගාර මට වඩා සද්ධන්තයි.. කකුල් දෙකත් තිබ්බෙ එයාගෙ ඇගට හිරකරන් වෙද්දි මට දැනුනේ වේදනාවක්... ගතේ නෙවෙයි හිතේ....

ඇයි... ඇයි හැමෝම මට මෙහෙම කරන්නේ... මං මොකක්ද කරපු වරද... මගෙ යටිහිත කෑගැහුවත් සීල් කරපු තොල් වලින් වචන පිටවුනේ නෑ... නැන්සිගෙ මිනිය මරණ පරීක්ෂණයෙන් පස්සෙ එයාලගෙ අම්මලා අර ගනී.. මොකද මිනිහා කියලා මං තනියම මේ දේවල් කොහොමද කරන්නේ.. මට දැන් කාත් කවුරුවත් නැති කොට....


" ආහ්.... යකෝ...... "

යුගාර කෑගැහුවා වගේම මාව හිර කරන් අල්ලන් හිටපු දඩු අඩු අත් ගැලවිලාම ගියා.. මොකද බුරුල් උන කකුලකින් මං උගෙ කකුල් දෙක අස්සට කේන්තියෙන් ගැහුවෙ කොර වෙලාම යන්න..


" ය..කෝ.... ම..හී...ම "






" උබට මෝල් අමාරුවද මිනිහෝ ? "



ඇදෙන් දනිපනි ගාලා නැගිට්ට මං එකසිය ගානට ගැහෙන පපුවට අත තියාගෙන අහද්දි කකුල් දෙක මැද්ද එක අතකින් අල්ලන් බිම බලන් හිටපු යුගාර මගෙ වචනත් එක්ක ඇස් උස්සලා බැලුවා...

Don't Say No❗️BL | Yaoi  ✔️Where stories live. Discover now