Ep 16 🚫

2.8K 475 166
                                    

Don't Say NO❗️

Ep 16



යුගාරගෙ ආච්චි මිසිස් එදිරිසිංහ මගෙ දිහා බලාගෙන අහපු දේත් එක්ක මං හිටියේ අන්දුන්කුන්දුන් වෙලා.. හරියට නිකන් වැස්සක් නැතුව එක පාරටම අකුණක් වැදිලා කරවෙලා ගියා වගේ දැනුනේ.. දැන් මං හෙන ගහපු පොල් කරටියක් වෙලා වගේ බයවෙලා බලාගෙන ඉන්නවා...



මට ඇහුනා හරි නම් මිසිස් එදිරිසිංහ යුගාරගෙන් ඇහුවෙ බෝයිෆ්‍රෙන්ඩ් නේද කියලා. මං කල්පනා කරන්න ගත්තේ මං ඒකාගෙ බෝයිෆ්‍රෙන්ඩ් වුනේ කවදද කියලා වගේම ආච්චි අහපු දේත් එක්ක යුගාර හිමින් ඔලුව හෙලෙව්වේ ඇයිද කියන එක...



" පොඩ්ඩක් ඉන්න මූත් මේ කිව්වේ මං බෝයිෆ්‍රෙන්ඩ් කියලා නේද ? "



ඇස්ලොකු කරන් මං ආච්චි දිහා බලන් හිටියේ ඔලුව විතරක් නෙවේ පහලට පහලට ඇගේ හැම කොටසක්ම කරවෙලා යනවා වගේ හිතෙද්දි. යුගාර ඔලුව හෙල්ලුවත් එක්ක අමාරුවෙන් උනත් මිසිස් එදිරිසිංහ මගෙ පැත්තට අතක් දිග් කරද්දි මං පුදුම උනා වගේම එහෙමම බලාගෙන හිටියා...



" මැණික.. ඔයාට ආච්චි කතා කරනවා.. එන්න "



පිස්සු පකාගෙ කටහඩින් මං සිහියට එද්දි තාමත් අත දිග් කරන් එයා අමාරුවෙන් ඉන්නවා පෙනෙද්දි මං ඇද ගාවට ඇවිදගෙන ගියා.. යුගාර හිටියේ ඇදේ දකුණු පැත්තේ වෙද්දි මං ගියේ වම් පැත්තට.. ලගට දැන් තමයි හරියටම දැක්කේ මං මිසිස් එදිරිසිංහව...



එයාගෙ කොන්ඩෙ උරහිස ගාවට කොටට තිබ්බා.. කලු සුදු මිශ්‍ර වෙච්ච කොන්ඩයක් ඒ වගේම එයා යුගාර වගේම සුදුයි. බැලූ බැල්මට එච්චර වයසක් කියන්න බෑ එයා හරිම පිරිලා හිටියා. ඇත්ත ඉතින් සල්ලි තියන මිනිස්සු නෙහ් මොනවයැ අඩුවක්ද.. ආච්චි අත දිග් කරන් ඉන්න නිසාම මං ගිහින් අතින් අල්ලගත්තා..



" මහීම නේද ?"



" ඔව් මිසිස් එදිරිසිංහ "


" අයියෝ.. ආච්චි කියන්න දරුවෝ.. අපේ සුදු පුතා වගේම... "


මගෙ නම පවා එයාට මතකයි... මහීම නේද අහද්දි ඇස්කොනින් මං බලද්දි පිස්සු පකාගෙ ඇස් දිලිසුනා.. මේ මිනිහා මොනවටද මේ මෙච්චර සතුටු වෙන්නේ.. අනික ආච්චිලා මුණුපුරාලට ආදරෙයි නෙහ් මොනවා කිව්වත් අහනවා කරනවා.. ඒක සාමාන්‍යයි...


Don't Say No❗️BL | Yaoi  ✔️Where stories live. Discover now