05. බ්යොල්

91 32 5
                                    

ජන්ග්කුක් පහුවදා උදේ අවධි වෙනකොට නවියෑර් සුපුරුදු විදියටම කාමරෙන් අතුරුදන් වෙලා.

නවියෑර් කීව විදියට අද උදෙන්ම එයාගෙ යාලුවා එයාව මුන ගැහෙන්න ගෙදර එනවා.

ඉතින් ජන්ග්කුක් නවියෑර් උපදෙස් දීලා තිබුනා වගේ පිරිසිදු වෙලා කොලර් එකත් අතේ තියාගෙන ඇඳේ ඉඳගෙන නවියෑර් වෙනුවෙන් බලාගෙන හිටියා.

කොලර් එකක්?

ඔව්... සහකරුවෙක් හෝ සහකාරියෙක් ඉන්න ඔමේගා කෙනෙක් පිටස්තරයින්ව මුන ගැහෙනකොට අනිවාර්යයෙන්ම කොලර් එකක් දාගෙන ඉන්න ඕන. ම්ම්ම්... මේ ගොඩට හැමෝවම අයිති වෙන්නෙ නැහැ. ඒකට අයිති වෙන්නෙ සහකාරයෙක් ඉඳලත් තවම එකතු වෙලා නැති, බෙල්ලෙ සැපුම් සලකුනක් නැති ඔමේගාවන් විතරයි.

ඒක ඔමේගාගෙ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්.

වෙනදා වගේම එදත් නවියෑර් කාමරයෙන් යන්න ගිහින් තිබුනෙ ජන්ග්කුක්ට අඳින්න ඇඳුමක් ඇඳේ පසෙකින් තියලා.

හැබැයි එදා නවියෑර් තියලා ගිහින් තිබුන ඇඳුම වෙනදා ජන්ග්කුක් ඇන්දා වගේ පැස්ටල් පාට ස්වෙටර් එකක්වත් පෑන්ට් එකක්වත් නෙමෙයි. නිකන්ම නිකන් කලු පාට ඩෙනිම් ජීන්ස් එකක්. ෂර්ට් එකක සළකුණක්වත් කාමරේ තිබ්බෙ නැහැ.

පේන විදියට නවියෑර්ට යාලුවා ගොඩක් සමීපයි වගේ. නැත්තන් ඇල්ෆා කෙනෙක් කීයටවත් තමන්ගෙ ඔමේගාව තවත් ඇල්ෆා කෙනෙක්ට මේ විදියට දකින්න දේවිද?

කවදාවත් නැහැ.

බලාපොරොත්තු වුන විදියටම ජන්ග්කුක් ජීන්ස් එක ඇඳගෙන ඇඳෙන් ඉඳගන්නකොටම වගේ නවියෑරුත් කාමරයට ආවා.

එයාගෙ අතේ තිබුනේ පැතලි ලොකු පෙට්ටියක්.

ජන්ග්කුක් කුතුහලයෙන් ඒ දිහා බැලුවා. නමුත් ඒ මොකක්ද කියන්න නවියෑර් එයාට පැහැදිලි කරේ නැහැ.

එයා පෙට්ටිය ඇඳෙන් තියලා ජන්ග්කුක් ළගට ගිහින් ජන්ග්කුක්ගෙ අතේ තිබුන කොලර් එක අරගෙන එයාගෙ බෙල්ල වටේට දාලා ඒක ලොක් කරා. ඉන් පස්සෙයි එයා අර පෙට්ටියට නැවතත් තමන්ගෙ අවධානය ලබා දුන්නෙ.

Doll || jjk [COMPLETED] Where stories live. Discover now