#2-I'm right here

72 15 33
                                    

At neighbor's house ⤵

Hoshi : උඹ යන කුන්ඩවාලෙක පලයන් ! මට නම් ඕවට වෙලාව නෑ ! උඹ දන්නවනෙ අර හොට් චොක්ලට් කෑල්ල කොච්චර රසද කියලා??

Woozi : අන්නේකයි.. මුගෙ හොට් චොක්ලට් එක නිසා මටත් එන්න වෙන්නෑ සහෝ ! උඹ පලයන් ඕනි කුන්ඩවාලෙක !

ඒ ඩබල ඩීකේ කීව ටුවර් එකට විරුද්ධ වුනේ ඇත්තටම අර හෝෂි කීව හොට් චොක්ලට් කෑල්ලක් නිසා නම් නෙවේ..

Dk : උඹලා මහ අවස්ථාවාදි මිනිස්සු බන් ! වූසියා ? සුපර් ග්ලූ ටිකක් ගන්න නැද්ද?

Woozi : අර මක්කටද?

Dk : මගෙ හාට් එක උඹලා එකතු වෙලා කීතු කීතු කළානෙ !? දැන් ගම් ටිකක් දියන් මැරෙන්න කලින් ඒක අලවගන්න !!

ඩීකේ එහෙම කීවෙ කුපාඩි මූණකුත් දික් කරගෙන හදවතට උඩින් අත් දෙකත් තද කරගෙනමයි..

Hoshi : මෙහෙ ඇති ගුලුවක් නෑ ! ඕනිනම් හොටු ටිකක් දෙන්නම් !! ඕනිද?මේවා ඔරිජිනල් බඩු බන් !

හෝෂි ස්ටඩී ටේබල් එකේ කකුල් දෙකත් තියාගන්න ගමන් නහයට ඇගිල්ලක් දාලා ඩීකේගෙන් එහෙම ඇහුවෙ උදේම ඔය ගොල්ල වරිගෙ හිනස්සලා ලේ ටිකක් පිරිසිදු කරගන්න හිතන්..

Dk : හුවාආ ! උඹලා මහ චපලයි බොක්කලා ! තොපි එන්නැත්තම් මම තනියම හරි යනවා !

Woozi : හා..රි හා..රි ! දැන් උඹ කොහේ යන්නෙ?

Dk : යන්නෙ? යන්නෙ අපායට !

Hoshi : උඹ එහෙට ගියහම අර යමයා හම්බුනොත් කියහන් මම මතක් කළා කීවා කියලා.උඹලා දන්නැති වුනාට ඌ ඉස්සර මගෙ බොක්ක බන් ! ඌ මාව කටු ගහේ නැග්ගුවෙත් නෑ.උණු වතුර බේසමක නෑව්වෙත් නෑ ! උඹ කියහන් හෝෂිගෙ බොක්කක් කියලා.එතෝට ඌ සලකලා බලයි උඹ ගැන !

හෝෂිට ඒකත් ඇති මේ ලෝකෙ නැති කතාවක් කොහෙන් හරි ඒ මැද්දට අමුණලා ගන්න.හැබැයි ඉතින් උදේම හිත පිරිසිදු කරගන්න ඕනි නම් හෝෂි හම්බෙන එක තමා හොඳම දේ..

*A phone started to ring*

Woozi : අන්න උඹෙ බබා අඬනවා !

ඒ වෙලාවෙ අහම්බෙන් වගේ ඔය තුන් දෙනාගෙන් එක්කෙන්ගෙ ෆෝන් එකක් රින්ග් වෙන්න පටන් ගත්‍තු නිසා අර ටුවර් එකට පොඩි බුක්මාක් එකක් දාන්න සිද්ධ වුණා..

Survived by 24 Hours | Mystery | SVT 🍃Where stories live. Discover now