29th blood drop🩸

183 46 43
                                    

After 2 months

මින්ජුන් ටේව හම්බෙලා සෙහී ගැන කියපු දේවල් අකුරක් නෑර ටේ ගිහින් ජින්ලගේ කනේ තිබ්බා..කට්ටිය හිතා ගන්න බැරි වුණත් මින්ජුන් එවපු වෙඩින් ෆොටෝවලින් කෙල්ල තාම ජීවත් වෙනවා කියලා ඔප්පු වුණා..

ජෝන් පවුලට සිද්ද වුණ ඇක්සිඩන් එක ගැන කිව්වොත් ඒක කරන්න අණ දුන්නේ කොරියාවේ ජනාධිපති.ඒ යටතේ වැඩ කරේ බූයන්ග්.. මොකද කිව්වොත් ඒ කාලේ NIS head වුණේ මිස්ටර් ජෝන්..මිසිස් ජෝන් කම්පණි එක බලා ගන්න අතර මිස්ටර් ජෝන් රටේ ආරක්ෂාව ගැන බැලුවා..

ජනාධිපති කරපු නොසන්ඩාල වැඩ මීඩියාවලට දෙන්න යන්න හිටිය දවසට කලින් දවසේ ජෝන් හොටෙල් එකක වැඩ වගේකට යන ගමන් හිටිය මිසිස් ජෝන් ,මිස්ටර් ජෝන් වගේම ජෝන් සෙමී ඇක්සිඩන්ට් කරලා මරලා දාන්න බූයන්ග් try කරන්නේ..ඒත් වාසනාවකට වගේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් මැරුනේ නෑ.. ඒ වගේම සොන්හිව හම්බෙන්න ඕනි නිසා ජන්කුක් වාහනෙන් මගදී බැහැලා ගිය නිසා කොල්ලට පොඩි හීරීමක්වත් වෙන්නත් නෑ..

ඒත් කොල්ලා සොන්හිව හම්බෙන්න යන්න කලින් එයාට කෝල් එකක් එනවා ඔම්මලා ඇක්සිඩන්ට් වෙලා කියලා.. ඔය හේතුව නිසා තමා එදා 19 වෙනිදා ජන්කුක්ට සොන්හිව මග ඇරෙන්නේ..

නීතියෙන් එයාලට සාධාරණයක් කරන්න කොච්චර දැගලුවත් ලොකු ලොක්කෝ පවා ජනාධිපතිට බයේ මුල්ලකට වෙනකොට ජන්කුක් ඔම්මලාවත් අරන් රට යන්නේ ඇක්සිඩන්ට් එක වුණදාම..ඒත් දැන් නම් ඒ සාධාරණේ ජන්කුක් අරන් ඉවරයි මම හිතන්නේ..නීතියට බැරි වෙන්න ඇති ඒත් කවුරුත් නොදන්න පොපී ලවර්ස්ලට පුලුවන් වුණා ඒ වැඩේ කරන්න..ඒත් භාගෙට..ජනාධිපති නිසා රට වගේම අහිංසක මිනිස්සුන්ගේ ජීවිතත් විනාස වෙන කොට ඉවසන් ඉන්න බැරි මව්බිමට පණ වගේ ආදරේ කරන දෙන්නෙක් රට බේරගන්න කරපු ලොකු විප්ලවයක් ඒක..
.
.
.
.
.

හීයක වේගෙන් ගෙවිලා ගිය මාස දෙක කාට කාටත් ගොඩක් අත්දැකීම් එකතු කරන්න සමත් වෙලා තිබුනා.. ඉස්සර නයයි මුගටියයි වගේ දැක්ක තැන මරා ගන්න දෙව් ජිමින් දැන් ආදරේ කරන්න පටන් අරන්..ඒ නිසා ඒ දෙන්නා දැන් ඉන්නේ බූසාන්වල..ජිමින් එක්ක කේන්ති අරන් රස්සාවත් දමා ගහලා සෝල් ආපු දෙව් ජිමින් නිසාම ආයෙමත් බූසාන් ගියේ එහේ හැන්ඩ්ල් කරන්න අලුත් කම්පණි එකක් එහේ තියන නිසාමයි..එතකොට නම්ජුන් නම් පොපී ලවර් කියන්නේ කවුද කියලා දැනගෙන ඒක ලෝකයාගෙන් හංගන්න උපරිම උත්සහ කලා..ඒත් එයාගේ අනුමානේ හරි වුණේ භාගයක් විතරයි..මොකද එයාට දෙන්නගෙන් එක්කෙනාවයි හොයා ගන්න පුලුවන් වුණේ..

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now