දාඩියත් දාලා...කොච්චර කීවත් බයයිනේ..."
දාඩිය දාලා තියෙන අත් එකිනෙක අතුල්ලපු මම ඇස් පියාගෙන තත්පර කිපයක් ඉදලා ඇස් ඇරියා...
"මම මේක කරනවාමයි...චාන්ගාව හොයාගන්න තියෙන එකම විදිහ මේකනම් මම අනිවාරෙන්ම මේක කරනවා..."
====================================
එක්කෙනා එක්කෙනා ඉස්සරහට යනකොට මාත් හෙමීට හෙමීට ඉස්සරහට ඇවිත් ස්ටේජ් එක ලගටම ආවා...මට ඉස්සරහින් තව ඉන්නේ දෙන්නයි...දැන් නම් නිකන් මාව වෙවුලනවා වගේ...හදවත නතර වෙන්න එනවා වගේ...කකුල් මට විරුද්ධ වෙනවා වගේ...
තව එක්කෙනෙක් ගියා...දැන් මට ඉස්සරහින් එක්කෙනයි...එයත් ගියාම ඊලගට...මම..."Calm down yibo..you can do it..trust your self"
ලොකු හුස්මක් ගත්ත මම කොන්ඩෙත් ටිකක් හදාගෙන ඉස්සරහට ආවා...ඔන්න දැන් මම...
රොන් කියලා දුන්න හැමදේම එක පාර ඔලුවට එනකොට මුල් අඩි තුන හතර මම ගියේ පැටලි පැටලි වගේ...දෙපැත්තෙන් යුනි එකේ ළමයි වගේම ඉස්සරහින්ම judgesලා ඉන්නකොට මම ඒ කා දිහාවත් නොබලා ඉස්සරහා බලාගෙන ඇවිද්දා...
හිනාවක්...ම්හ්ක්...කොහොමත් මගෙ මූණේ හිනාවක් නම් තිබුනේ නෑ...ඉස්සරහටම ගිහින් ඕඩියන්ස් එක පැත්තට පොඩි බැල්මක් දෙනකොට රොන් පිටිපස්සෙ ඉදන් උගෙ කට දෙපැත්තට ඇදගන්නවා...මම දන්නවා ඔය කියන්නෙ මට හිනා වෙන්න කියලා...
ඒක නොදැක්කා වගේ අනික් පැත්ත හැරිලා එන්න ආවා..."මොකද බූරුවෝ කරේ...කොච්චර කියලා දුන්නද ඇවිදින්න ඕන විදිහ...උබ ගියේ මම කියලා දුන්න විදිහටද ආ...හරියට නිකන් නිකන්..
ආයිශ් මට කියන්න දෙයක් මතක් වෙන්නෙත් නැ...බලපන් මම කොච්චර කීවද හිනාවෙන්න කියලා...අඩුම අඩුම එකපාරක් හිනා වෙන්න බැරි වුනාද උබට...යන්තම් හිනිවට තොල් දෙක හෙල්ලුනා එච්චරයි""ඕක නවත්තපන් රොන් මගෙ ඔලුව රිදෙනවා"
"රිදෙන්න හරි උබට ඔලුවක් තියෙන එක ගැන සතුටු වෙයන්...දැන් යමන් මොනා හරි කන්න...පැයකින් කියයි කවුද සිලෙක්ට් කියලා..නෑ උබ එන්න එපා මම මෙතනට මොනා හරි කන්න අරන් එන්නම්"
මටත් බඩගිනි වෙලා හිටපු නිසා පුටුවෙන් නැගිටලා රොන් එක්ක යන්න හදනකොට මාව ආයම වාඩිකරවලා කන්න ගේන්නම් කියපු රොන් තනියම මුමුණ මුමුණ එළියට ගියා...අහන්න දෙයක් නෑ මට බැන බැන තමා යන්න ඇත්තේ...
YOU ARE READING
Turning Point
Fanfictionහිස් වෙලා තියෙන මගෙ ජීවිතේට අලුත් අර්ථයක් දෙන්න උත්සහා කරන ඔයාට හැමදාමත් ආදරෙයි ❤💚