57 👬💚❤️

319 75 18
                                    

මාව ඇදෙන් තියපු ගමන් එයා බාත්රූම් එකට ගියාම ඇද උඩ තිබුණ සැහැල්ලු ශෝට් එක ඇදගත්ත මුණින් අතට ඇදේ පෙරලුනේ ඇඟට දැණුන මහන්සිය නිසා ඉක්මනට නිදාගන්න...
ටික වෙලාවකින් යිබෝ එන සද්දෙ ඇහුණත් ලාවට නින්ද යන ගමන් හිටපු මම එහෙමම හිටියේ ඇඟට දැනෙන මහන්සිය නිසාම නින්ද නැති කරගන්න ලෝභකමේ...

=============================================

"ගුඩ්මෝනින් මිස්ටර් බින්"

"ගුඩ්මෝනින් යිබෝ...ඔයා වෙලාවටම ඇවිත්"

උදේම ඇහැරුණ මම මිස්ටර් බින් ගෙ ස්ටූඩියෝ එකට ආවේ අද මගෙ පලවෙනි ෆොටෝ ශූට් එක කරන නිසා...ඊයේ රෑ...හ්ම්ම් ඒ ගැන මට දැනෙන්නෙ පසුතැවීමක්...මට තිබුණා ඉවසන්න...ඒත් දැන් හැමදේම වෙලා ඉවරනෙ...

"යිබෝ යමුද...ජෙනී යිබෝව රෙඩි කරන්න අපි ඉක්මනට ශූට් එක පටන් ගන්න ඕන"

"Ok sir"

මිස්ටර් බින්ට හිනාවක් දුන්න මම අර කෙල්ල පස්සෙන් ආවා...මේකප් රූම් එකක් ඇතුලට ආව මම දොර ලග ඉන්නකොට...

"ගුඩ්මෝනින් සර්..ඇතුළට එන්න...මෙතන තියෙන්නෙ සර්ගෙ ඇඳුම්...එහෙනම් අපි වැඩේ පටන් ගමුද සර්"

"හ්ම්"

පොඩි තිගැස්මක් හිතේ තිබුණත් බාරගත්‍ත වැඩේ කරන්නම ඕන නිසා මේකප් ආර්ටිස්ට් කියලා හිතන්න පුලුවන් කෙනෙක් මගෙ අතට ඇදුමක් දීලා ඇදගෙන එන්න කිවුවා...එයාගෙ උදවු ඇතුව ලෑස්ති වුණ මම ශූට් එක කරන තැනට ආවෙ එලියෙ හිටපු අයගෙ අවධානේ මට ලැබෙනකොට දැණුනු ලැජ්ජාවත් එක්කමයි...

"එන්න යිබෝ..."

මිස්ටර් බින් මගෙ ළඟට ඇවිත් හැමදේම පැහැදිලි කරලා වැඩේ පටන් ගන්නකොට මාත් මට පුලුවන් උපරිමෙන් වැඩේ හොදට කරා...ඇඳුම් දෙක තුනක්ම ඇදලා එක එක විදියට ෆොටෝස් අරගෙන වැඩ ඉවර වෙද්දි දවල් වෙලා...

"වැඩේ ගොඩක් හොදට වුණා යිබෝ...ඇත්තටම මට සතුටුයි ඔයාව මේ වැඩේට තෝරගත්ත එකට..."

"මටත් ගොඩක් සතුටුයි සර් එක්ක වැඩ කරන්න ලැබෙන එකට..."

"අද මම ගානේ ලන්ච් එක...යමු යිබෝ"

ඉක්මනට ගෙදර යන්න හිතාගෙන හිටියත් බින් සර්ගෙ වචන අහක දාන්න බැරි වුණ මම එයාගෙ ස්ටාෆ් එකෙ කිහිපදෙනෙකුත් එක්ක ලන්ච් වලට යන්න කැමති වුණා...




Turning Point Where stories live. Discover now